අප ගැන
අප කවුරුන්ද?
දැක්ම
මෙහෙවර
හැදින්වීම
වැව්බැදි රාජධානිය ලෙස විරුධාවළිය ලද උතුරු මැද පළාත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ ද්වීතීය රාජධානි ඇතුළත් වු අතිශයින්ම පුන්‍යවන්ත වු ස්වර්ණභූමියකි. අනුරාධපුර සහ පොළොන්නරුව ලෙස වර්තමානයේදී භාවිතා වන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත උතුරු මැද පළාත එයටම ආවේණික සහ ශ්‍රී විභූතීන්ගෙන් සමන්විතය. රජරට යනු අප ජාතියේ ප්‍රමුඛතම ස්මාරකයයි.
ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, ජල ශිෂ්ඨාචාරය, රාජ්යවංශ කතාව, දේශපාලන කළමනාකරණය, පරිපාලනය, බෞද්ධ දර්ශනය, පුරවිද්‍යාව, වාස්තු විද්‍යාව, මුර්ති හා කැටයම් කලාව, භාෂා සාහිත්‍ය, ජිවනෝපාය ආදී සංස්කෘතින් මෙන්ම ඒ මත ගොඩනැගුණු ශිෂ්ඨාචාරයන් සහ සභ්‍යත්වයන් ලොවට කියාපාන්නේ රජරට පුන්‍ය භූමියෙන්ය. ශ්‍රී ලංකාවේ පළාත් අතුරින් විශාලතම පළාත උතුරු මැද පළාතයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික පසුබිම
ශ්‍රී ලංකාවේ සභ්යත්යේ සෑම සංස්ථාවකම සමාරම්භයත් ඇතැම් සංස්ථාවක පදනම සකස්වීමත් දක්නට ලැබෙන්නේ අනුරාධපුරයෙනි. විජය කුමරු සමඟ පැමිණි අනුරාධ නම් තැනැත්තා විසින් අනුරාධ ග්‍රාමය ඇති කළ අතර පසුකාලීනව එය අනුරාධපුර රාජධානිය ලෙස වර්ධනය වන්නට විය. පණ්ඩුකාභය රජු විසින් ප්‍රථම වරට අනුරාධපුරය තම රාජධානිය බවට පත්කර ගන්නා අතර එහි අවසන් රජු වන මිහිදු දක්වා ශතාධික රජ පිරිසක් පාලනය ගෙන ගියේය. ක්‍රි.පු. 6 වන සියවසේ පටන් ක්‍රි.පු. 11 වන සියවසේ අග භාගය දක්වා මේ රාජධානිය පැවැති අතර ලක්දිව දීර්ඝ කාලයක් පැවැති රාජධානිය මෙන්ම ප්‍රථම අග නගරය බවට ද පත්විය. පණ්ඩුකාභය රජ දවසවන විට මුළු ආසියාවේම පැවැති විධිමත් එකම නගරය අනුරාධපුරය බැව් ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි. නගර ගුත්තික යන තනතුර මුල්වරට ක්‍රියාත්මක වී ඇත්තේ ද අනුරාධපුර යුගය තුළදීය. ඵෙතිහාසික මෙන්ම පුරවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අනුරාධපුර රාජධානිය වර්ථමානයේ පවතින පෞඩ ශිෂ්ඨාචාරය ගොඩනැගීමට දායකත්වය සපයා ඇති බව මේ තුළින් පෙනීයයි. වැව්බැදි රාජ්‍ය, නුවරකලාවිය යනුවෙන් අද හදුන්වන්නේ එකල පැවැති අනුරාධපුර රාජධානියයි. රජදරුවන් සියගනනාවකට නවහන වු රජරටද වැව් දහස් ගණනකට ඉඩහසර සැලසු වැව් බැදි රාජ්‍යයට ද රුහුණු, පිහිටි, මායා නම් වු තුන් සිංහලයේ පිහිට රාජ්‍යයටද, බටහිර යටත්විජිත වාදි යුගය තුළ උඩරටටද අයත් වු අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 අතුරින් භූමි ප්‍රමාණය අනුව විශාලතම දිස්ත්‍රික්කය වේ. එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 කින් සමන්විත වේ. අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වවුනියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක වලින් දකුණින් කුරුණෑගල, සහ මාතලේ දිස්ත්‍රික්ක වලින්, බටහිරින් පුත්තලම් සහ මන්නාරම් දිස්ත්‍රික්ක වලින් සහ නැගෙනහිරින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලින් මායිම් වේ.
අනුරාධපුර සහ පොළොන්නරුව යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත උතුරු මැද පළාතේ වත්මන් පරිපාලන හා දේශපාලන ව්‍යුහය හා පාලන යන්ත්‍රණය සකස් වන්නේ 1988 මැයි 12 දින ආරම්භ කළ පළාත් සභාවෙන්ය. ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන වන සංශෝධනයට සමගාමීව 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් සැලසුණු අවකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත විය. මේ අනුව මධ්‍යම රජයට අමතරව මධ්‍යම රජයේ නියාමනයට අනුව පළාතේ සංවර්ධන පරිපාලන සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ මෙන්ම පුනරුත්ථාපනය හා ප්‍රති සංවර්ධන කටයුතු වලදී ද ප්‍රධානතම කළමනාකරණ කේන්ද්‍රස්ථානය වන්නේ පළාත් සභාවයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව ශ්‍රී ලංකාවේ දෙවන ඵෙතිහාසික අගනුවරයි. විජිතාගම, විජිතපුර, පුලතිසිපුර. ජයනාථපුර, පුලාතරියානි හා කඳවුරුපුර යන විවිධ නාමයන්ගෙන් විවිධ කාලවලදී පොළොන්නරුව හදුන්වා ඇත. පොළොන්නරුව මුලින්ම අගනුවර කරගත්තේ චෝල ආක්‍රමණිකයන් විසින්ය. 1070 පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැර පළමු වන විජයබාහු රජු විසින් අගනුවර ලෙස පොළොන්නරුව තෝරා ගෙන ඇත. චෝල පාලන සමයේදී ජනනාත මංගලම් ලෙස හැදින්වු පොළොන්නරු යුගය කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය්දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන වකවානුවකි. අනුරාධපුර මෙන්ම ජලාශ්‍රිත ශිෂ්ඨාචාරය මත පදනම් වු මෙම යුගය විශ්මිත කලා නිර්මාණ හා භාෂා සාහිත්‍ය අතින්ද ස්වර්ණමය යුගයකි. එම කාලයේදී මෙරටින් පිටරටට පවා සහල් යැවු බව පැරණි පොත පතෙහි සඳහන් වේ. 1214 කාලිංඝ මාඝ ආක්‍රමණ දක්වාම පොළොන්නරුව රාජධාණිය පැවතුණ අතර ඉන් අනතුරුව නිරිත දිගට සිංහල රාජධාණිය සංක්‍රමණය වී අගනුවර දඹදෙනියේදී ස්ථාපිත විය. සියවස් 15 ක් පමණ දීර්ඝ කාලයක් අනුරාධපුර අගනගරය ලෙස පැවැතුණ ද පොළොන්නරුව අග නගරය ලෙස පවතින්නේ ඉතා කෙටි කාලයකී. පුලස්ති සෘෂිවරයා තේමා කරගනිමින් පුලස්ති නගරය පොළොන්නරුව බවට පත්වුවා යැයි විශ්වාශයක් පවතී. හින්දු සංස්කෘතිය හා මහායාන බලපෑමත් හින්දු කලාවත් බෞද්ධ ගෘහ නිර්මාණයන් සහ බෞද්ධ කලාවත් පොළොන්නරු යුගයේදී සම්මිශ්‍රණයක් සහ වෙනමම පැවැතුන බව දක්නට හැකිය. සුවිසල් බව, අද්විතිය බව, ලෞකිකත්වය හා විචිත්‍රවත් අලංකරණය පොලොන්නරුව කලා කෘතීන්ගෙන් දක්නට හැකිය.
අනුරාධපුර සහ පොළොන්නරුව යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත උතුරු මැද පළාතේ වත්මන් පරිපාලන හා දේශපාලන ව්‍යුහය හා පාලන යන්ත්‍රණය සකස් වන්නේ 1988 මැයි 12 දින ආරම්භ කළ පළාත් සභාවෙන්ය. ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන වන සංශෝධනයට සමගාමීව 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් සැලසුණු අවකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත විය. මේ අනුව මධ්‍යම රජයට අමතරව මධ්‍යම රජයේ නියාමනයට අනුව පළාතේ සංවර්ධන පරිපාලන සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ මෙන්ම පුනරුත්ථාපනය හා ප්‍රති සංවර්ධන කටයුතු වලදී ද ප්‍රධානතම කළමනාකරණ කේන්ද්‍රස්ථානය වන්නේ පළාත් සභාවයි.
පළාත් කොඩිය
ධජය පිළිබඳ විස්තර
- මැද රවුම තුළ රුවන්වැලි සෑය – අනුරාධපුර දිස්ත්‍රික්කය
- මැද රවුම තුළ පරාක්‍රම පිළිරුව – පොළොන්නරුව දිස්ත්‍රික්කය
- වී කරල් – සශ්‍රීක බව
- දියරුළි – වැව් බැදි රාජ්‍ය
- නෙළුම් මල් හතර – පාරිශුද්ධ බව
- හක්ගෙඩි හතර – සෞභාග්‍යය
- කහ වර්ණය සහිත වාටිය – සිංහල බෞද්ධ නියෝජනය
- කොළ හා තැඹිලි වර්ණය – සුළු ජාතික නියෝජනය
- මැද වර්ණය – ජාතික කොඩියේ වර්ධනය
නිර්මාණය:- කරුණාසේන ජයතිලක
පළාත් පුෂ්පය
asala
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
පළාත් ගීතය
දිලේ රන්වැලි සෑ හිසින් හිරු
රන් කිරණ ගෙන සිළුමිණේ
සැලේ මහ බෝ ළදළු පවනින්
සිසිල පතුරා බුදු ගුණේ
සයුරු පරදන වැව් තලා මත
සිය දහස් සියපත් පිපේ
අත වනා සිරිකතට හිනැහෙයි
රන් කරල් පුලතිසි කෙතේ
සව් සිරින් ගැදි පැදි කුසුම් මී
පන් හිදෙන් උතුරා හැලේ
රළු පරළු සෙල් කුළු මෙලෙක් වී
රූ රටා විසිකම් මැවේ
සියකමින් නොව යුතුකමින් සිත්
පහන් කළ විරු පරපුරේ
ගැමුණු පැරකුම් රජුන් විකුමෙන්
දිසෙයි යළි රජරට බිමේ
පද රචනය: පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය: විශාරද කරුණාරත්න විජේවර්ධන
මුලික තොරතුරු
ශ්‍රී ලංකා සිතියම අනුව දිස්ත්‍රික් පිහිටීම
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටීම
පරිපාලන ඒකක
| අ.පුර | පො.නරුව | එකතුව |
මැතිවරණ කොට්ඨාශ | 07 | 03 | 10 |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ | 22 | 07 | 29 |
මහ නගර සභා | 01 | – | 01 |
ප්‍රාදේශීය සභා | 18 | 07 | 25 |
ග්‍රාම නිලධාරි කොට්ඨාශ | 694 | 295 | 989 |
ගම්මාන | 2584 | 637 | 3221 |
ඉඩම් පරිහරණය අනුව බිම් ප්‍රමාණය
| අ.පුර හෙක්ටයාර් | පො.නරුව හෙක්ටයාර් | මුළු එකතුව හෙක්ටයාර් |
ගොඩබිම් ප්‍රමාණය | 663,610 | 319,769 | 983,379 |
අභ්‍යන්තර ජලාශ | 54,290 | 14,021 | 68,311 |
මුළු බිම් ප්‍රමාණය | 717,900 | 333,790 | 1,051,690 |
වගා කළ මුළු බිම් ප්‍රමාණය | 266,800 | 126,706 | 393,506 |
වගා නොකල මුළු බිම් ප්‍රමාණය | 240,212 | 39,675 | 279,887 |
වනාන්තර මුළු බිම් ප්‍රමාණය | 210,888 | 167,409 | 378,297 |
මුළු බිම් ප්‍රමාණය | 717,900 | 333,790 | 1,051,690 |
