எங்களைப் பற்றி

நாங்கள் யார்

_

දැක්ම

පූර්ණ සෞඛ්‍ය සම්පන්නභාවය සඳහා වන සුවපත් කිරීම,උපකාර කිරීම, පුරුදු ගොඩනැංවීම උදෙසා සියලු පාර්ශව ජාලගත කල විශිෂ්ඨතම ආයතනය බවට පත්වීම”

මෙහෙවර

සමාජ නවීකරණයන් හා කාර්යක්ෂම සම්පත් කළමනාකරණය මත පදනම්ව, ගුණාත්මක සෞඛ්‍ය හා  දේශීය වෛද්‍ය, පරිවාස සහ සමාජ සේවා වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස මෙහෙයවීම

අප ආ ගමන් මඟ

උතුරු මැද පළාත ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අතර ස්වභාව සෞන්දර්යෙන් ද අනුන පළාතකි.උතුරු මැද පළාත අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත් වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29කින් සමන්විත වන පරිදි පළාත මායිම් වී ඇත. මෙහි වර්ග කි.මී.10,472ක් වන අතර මුළු ජනගහනය 1,425,773 ක් ජිවත් වෙති. උතුරු මැද පළාත කෘෂිකාර්මික ජිවන රටාවක් පවතින අතර විවිධ ජන කොට්ඨාශයන් හා විවිධ සංස්කෘතීන් ද මෙම පළාත තුළ විශේෂයෙන් දක්නට ලැබේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1987අංක 47 දරණ පළාත් සභා පනත අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව පළාත් 09කට බෙදා පළාත් සභා පාලන ක්‍රමයක් ඇති කරන ලද අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද පළාත් සභා ක්‍රමයට අදාළව පළාත් සභා සදහා සමගාමී ලැයිස්තුව හා පළාත් සභා ලැයිස්තුව මගින් බලතල පවරන ලදී.
මෙසේ වරින්වර දේශපාලන නායකත්වය මෙන්ම අමාත්‍යංශ විෂයන් ද වෙනස් වෙමින් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා පරිසර සහ පළාත් සභා කටයුතු අමාත්‍යංශය මිනිසාගේ ජිවන ක්‍රමයට සෘජුවම බලපාන සේවාවන් සපයමින් උතුරු මැද පළාතේ ජන ජිවිතයට ඉතා සමීපව ක්‍රියාත්මක වන අමාත්‍යංශය බවට පත්වී ඇත

හිටපු අමාත්‍යවරුන්

ගරු
රාණි අධිකාරි මැතිතුමිය

(1988.05.12 සිට 1993.03.16 දක්වා)
(1993.06.14 සිට 1998.06.13 දක්වා)

ගරු ආර්.එම්.පී.බී. රත්නායක මැතිතුමා

(1999.05.06 සිට 2004.05.05 දක්වා)

ගරු
වීරසේන ගමගේ මැතිතුමා

(2004.08.11 සිට 2008.06.09 දක්වා)

 

ගරු එස්.එම්. පේෂල ජයරත්න බංඩාර මැතිතුමා

(2008.09.18 සිට 2012.06.27 දක්වා)

ගරු එච්.බී. සේමසිංහ මැතිතුමා

(2012.10.03 සිට 2015.02.04 දක්වා)

ගරු කේ.එච්. නන්දසේන මැතිතුමා

(2015.02.05 සිට 2017.05.09 දක්වා )

හිටපු ලේකම්වරු

පී.එච්. පුන්‍යසිරි මහතා

 

(1988.10.01 සිට 1992.11.17 දක්වා)

චන්ද්‍රා කරුණාරත්න මිය

 

(1993.06.28 සිට 1996.03.15)
(2005.03.09 සිට 2011.02.24 දක්වා)

ඩබ්.එම්.ආර්.බී. වන්නිනායක මහතා

.

කේ.ජී.ජී. විජේවර්ධන මහතා

(1999 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

එස්. ධනන්සුරිය මහතා

(1999 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා)

බී.එම්. සුනිල් තිලකරත්න මහතා

(1999 දෙසැම්බර් සිට 2005.03.08 දක්වා)

ඩී.එච්.එම්.එන්.පී. දසනායක මහත්මිය

(2012.01.02 සිට 2012.10.02 දක්වා)

ඩී.එම්. චන්ද්‍ර කුමාරි චන්ද්‍රදාස මහත්මිය

 (2012.10.03 සිට 2015.10.26)

එස්.එම්.සමන් බන්දුලසේන මහතා

(2020.01. සිට 2017.03.22 දක්වා)

STRUCTUTE

Our Internal Division

_

MEMBERS

Our Team

_
ta_INTamil