සාමාජිකයින්
අනුරාධපුර සහ පොළොන්නරුව යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත උතුරු මැද පළාතේ වත්මන් පරිපාලන හා දේශපාලන ව්‍යුහය හා පාලන යන්ත්‍රණය සකස් වන්නේ 1988 මැයි 12 දින ආරම්භ කළ පළාත් සභාවෙන්ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන වන සංශෝධනයට සමගාමීව 1987 අංක 42 දරණ පළාත් සභා පනතින් සැලසුණු අවකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත විය. මේ අනුව මධ්‍යම රජයට අමතරව මධ්‍යම රජයේ නියාමනයට අනුව පළාතේ සංවර්ධන පරිපාලන සමාජ සුභසාධන හා සමාජ ආරක්ෂණ මෙන්ම පුනරුත්ථාපනය හා ප්‍රති සංවර්ධන කටයුතු වලදී ද ප්‍රධානතම කළමනාකරණ කේන්ද්‍රස්ථානය වන්නේ පළාත් සභාවයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික පසුබිම
ශ්‍රී ලංකාවේ සභ්‍යත්යේ සෑම සංස්ථාවකම සමාරම්භයත් ඇතැම් සංස්ථාවක පදනම සකස්වීමත් දක්නට ලැබෙන්නේ අනුරාධපුරයෙනි. විජය කුමරු සමඟ පැමිණි අනුරාධ නම් තැනැත්තා විසින් අනුරාධ ග්‍රාමය ඇති කළ අතර පසුකාලීනව එය අනුරාධපුර රාජධානිය ලෙස වර්ධනය වන්නට විය. පණ්ඩුකාභය රජු විසින් ප්‍රථම වරට අනුරාධපුරය තම රාජධානිය බවට පත්කර ගන්නා අතර එහි අවසන් රජු වන මිහිදු දක්වා ශතාධික රජ පිරිසක් පාලනය ගෙන ගියේය. ක්‍රි.පු. 6 වන සියවසේ පටන් ක්‍රි.පු. 11 වන සියවසේ අග භාගය දක්වා මේ රාජධානිය පැවැති අතර ලක්දිව දීර්ඝ කාලයක් පැවැති රාජධානිය මෙන්ම ප්‍රථම අග නගරය බවට ද පත්විය. පණ්ඩුකාභය රජ දවසවන විට මුළු ආසියාවේම පැවැති විධිමත් එකම නගරය අනුරාධපුරය බැව් ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි. නගර ගුත්තික යන තනතුර මුල්වරට ක්‍රියාත්මක වී ඇත්තේ ද අනුරාධපුර යුගය තුළදීය. ඵෙතිහාසික මෙන්ම පුරවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අනුරාධපුර රාජධානිය වර්ථමානයේ පවතින පෞඩ ශිෂ්ඨාචාරය ගොඩනැගීමට දායකත්වය සපයා ඇති බව මේ තුළින් පෙනීයයි. වැව්බැදි රාජ්‍ය, නුවරකලාවිය යනුවෙන් අද හදුන්වන්නේ එකල පැවැති අනුරාධපුර රාජධානියයි. රජදරුවන් සියගනනාවකට නවහන වු රජරටද වැව් දහස් ගණනකට ඉඩහසර සැලසු වැව් බැදි රාජ්‍යයට ද රුහුණු, පිහිටි, මායා නම් වු තුන් සිංහලයේ පිහිට රාජ්‍යයටද, බටහිර යටත්විජිත වාදි යුගය තුළ උඩරටටද අයත් වු අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 අතුරින් භූමි ප්‍රමාණය අනුව විශාලතම දිස්ත්‍රික්කය වේ. එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 කින් සමන්විත වේ. අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වවුනියා, මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්ක වලින් දකුණින් කුරුණෑගල, සහ මාතලේ දිස්ත්‍රික්ක වලින්, බටහිරින් පුත්තලම් සහ මන්නාරම් දිස්ත්‍රික්ක වලින් සහ නැගෙනහිරින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලින් මායිම් වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව ශ්‍රී ලංකාවේ දෙවන ඵෙතිහාසික අගනුවරයි. විජිතාගම, විජිතපුර, පුලතිසිපුර. ජයනාථපුර, පුලාතරියානි හා කඳවුරුපුර යන විවිධ නාමයන්ගෙන් විවිධ කාලවලදී පොළොන්නරුව හදුන්වා ඇත. පොළොන්නරුව මුලින්ම අගනුවර කරගත්තේ චෝල ආක්‍රමණිකයන් විසින්ය. 1070 පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැර පළමු වන විජයබාහු රජු විසින් අගනුවර ලෙස පොළොන්නරුව තෝරා ගෙන ඇත. චෝල පාලන සමයේදී ජනනාත මංගලම් ලෙස හැදින්වු පොළොන්නරු යුගය කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය්දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන වකවානුවකි. අනුරාධපුර මෙන්ම ජලාශ්‍රිත ශිෂ්ඨාචාරය මත පදනම් වු මෙම යුගය විශ්මිත කලා නිර්මාණ හා භාෂා සාහිත්‍ය අතින්ද ස්වර්ණමය යුගයකි. එම කාලයේදී මෙරටින් පිටරටට පවා සහල් යැවු බව පැරණි පොත පතෙහි සඳහන් වේ. 1214 කාලිංඝ මාඝ ආක්‍රමණ දක්වාම පොළොන්නරුව රාජධාණිය පැවතුණ අතර ඉන් අනතුරුව නිරිත දිගට සිංහල රාජධාණිය සංක්‍රමණය වී අගනුවර දඹදෙනියේදී ස්ථාපිත විය. සියවස් 15 ක් පමණ දීර්ඝ කාලයක් අනුරාධපුර අගනගරය ලෙස පැවැතුණ ද පොළොන්නරුව අග නගරය ලෙස පවතින්නේ ඉතා කෙටි කාලයකී. පුලස්ති සෘෂිවරයා තේමා කරගනිමින් පුලස්ති නගරය පොළොන්නරුව බවට පත්වුවා යැයි විශ්වාශයක් පවතී. හින්දු සංස්කෘතිය හා මහායාන බලපෑමත් හින්දු කලාවත් බෞද්ධ ගෘහ නිර්මාණයන් සහ බෞද්ධ කලාවත් පොළොන්නරු යුගයේදී සම්මිශ්‍රණයක් සහ වෙනමම පැවැතුන බව දක්නට හැකිය. සුවිසල් බව, අද්විතිය බව, ලෞකිකත්වය හා විචිත්‍රවත් අලංකරණය පොලොන්නරුව කලා කෘතීන්ගෙන් දක්නට හැකිය.
ශ්‍රී ලංකා සිතියම අනුව දිස්ත්‍රික් පිහිටීම
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පිහිටීම
පළාත් කොඩිය
ධජය පිළිබඳ විස්තර
- මැද රවුම තුළ රුවන්වැලි සෑය – අනුරාධපුර දිස්ත්‍රික්කය
- මැද රවුම තුළ පරාක්‍රම පිළිරුව – පොළොන්නරුව දිස්ත්‍රික්කය
- වී කරල් – සශ්‍රීක බව
- දියරුළි – වැව් බැදි රාජ්‍ය
- නෙළුම් මල් හතර – පාරිශුද්ධ බව
- හක්ගෙඩි හතර – සෞභාග්‍යය
- කහ වර්ණය සහිත වාටිය – සිංහල බෞද්ධ නියෝජනය
- කොළ හා තැඹිලි වර්ණය – සුළු ජාතික නියෝජනය
- මැද වර්ණය – ජාතික කොඩියේ වර්ධනය
නිර්මාණය:- කරුණාසේන ජයතිලක
පළාත් පුෂ්පය
පළාත් ගීතය
දිලේ රන්වැලි සෑ හිසින් හිරු
රන් කිරණ ගෙන සිළුමිණේ
සැලේ මහ බෝ ළදළු පවනින්
සිසිල පතුරා බුදු ගුණේ
සයුරු පරදන වැව් තලා මත
සිය දහස් සියපත් පිපේ
අත වනා සිරිකතට හිනැහෙයි
රන් කරල් පුලතිසි කෙතේ
සව් සිරින් ගැදි පැදි කුසුම් මී
පන් හිදෙන් උතුරා හැලේ
රළු පරළු සෙල් කුළු මෙලෙක් වී
රූ රටා විසිකම් මැවේ
සියකමින් නොව යුතුකමින් සිත්
පහන් කළ විරු පරපුරේ
ගැමුණු පැරකුම් රජුන් විකුමෙන්
දිසෙයි යළි රජරට බිමේ
පද රචනය: පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි
සංගීතය: විශාරද කරුණාරත්න විජේවර්ධන
මුලික තොරතුරු
පිහිටීම | Ø උතුරින් වවුනියාව, මන්නාරම, මුලතිව්, හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලින් ද, Ø දකුණින් කුරුණෑගල, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්ක වල උතුරු මායිම් වලින් ද, Ø බටහිරින් මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්ක වල නැගෙනහිර මායම් වලින් ද, Ø නැගෙනහිරින් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල බටහිර මායම් වලින්ද උතුරු මැද පළාත සීමා වේ. | ||||||||||||||||
භූමි ප්‍රමාණය | ශ්‍රී ලංකාවේ පළාත් අතුරින් වැඩිම භූමි ප්‍රමාණයකින් සමන්විත වන උතුරු මැද පළාත, දිස්ත්‍රික්ක අතුරින් විශාලතම දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය, හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් සමන්විත වේ.
Ø උතුරු මැද පළාතේ මුළු භූමි ප්‍රමාණය ව.කි.10,472 ක් පමණ වේ. එය ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වන ව.කි. 65,610 න් 16% ප්‍රතිශතයකි. Ø ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් සමඟ සංසන්දනය කිරීමේදී අභ්‍යන්තර ජලාශ වල වැඩිම භූමි ප්‍රමාණයක් ඇත්තේ උතුරු මැද පළාතට වන අතර එය ප්‍රමාණයෙන් ව.කි. 731 කි. කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වැව් 2577 ක් ඊට අයත් වේ. |
භූ විෂමතාවය | Ø දේශගුණික කලාප අනුව පළාතෙන් වැඩි ප්‍රමාණයක් වියළි කලාපීය දේශගුණික කලාපයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට මිටර් 60 ක් උසින් අනුරාධපුර දිස්ත්‍රික්කය ද මීටර් 80 ක් උසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය ද පිහිටා ඇත. Ø අනුරාධපුර දිස්ත්‍රික්කය නැගෙනහිර සිට බටහිර දෙසට බෑවුම් සහිත වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය බටහිර සිට නැගෙනහිර දෙසට බෑවුම් වේ. Ø උස් ස්ථානයක් ලෙස රිටිගල සහ දිඹුලාගල කඳු පිහිටා ඇති අතර ඒවා පිළිවෙලින් මිටර් 572 ක් සහ මීටර් 534 ක් වේ. සමස්ථයක් ලෙස ගත් කළ භූමිය රැලි සහිත තැනිතලා බිමකි. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පස හා ඛනිජ සම්පත් | Ø පස ප්‍රධාන වශයෙන් රතු දුඹුරු පසින් සෑදි ඇති අතර ගංගා ද්‍රෝනි වල දියළු පස දැකීමට හැකි වේ. ඛනිජ සම්පත් අතුරින් ඉතාම වටිනා නිධිය ඇපටයිට් එප්පාවල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම නිධිය ප්‍රධාන වශයෙන්ම සෑදි ඇත්තේ පොස්පේට් පොහොර සහ රසායනික කර්මාන්ත සඳහා බහුලව භාවිතා කෙරෙන ඛනිජ ඇපටයිට් වලිනි. Ø කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මයිකා ඛනිජය බහුල වශයෙන් පැතිරී තිබේ. Ø පලාගල සිට හොරොව්පතාන දක්වා විහිදෙන හුණුගල් තට්ටුවකින් ද පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රෝස තිරුවානා පර්වතය ද උතුරු මැද පළාතේ පවතින වටිනා ඛනිජ සම්පත් ලෙස හැදින්විය හැකිය. Ø පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ඇලැහැර ප්‍රදේශය තුළ මිනිරන් වලට ප්‍රසිද්ධියක් උසුලන අතරම මැණික් කර්මාන්තය ද මෙම ප්‍රදේශයේ සුළු වශයෙන් සිදු වේ. තවද තමන්කඩුව සිට මැදිරිගිරිය දක්වා දිවෙන තිරිවාන වැටිය ද ඉතා වටිනා ඛනිජ සම්පතකි. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජලවහනය | අනුරාධපුර පිහිටි කලාඔය, මල්වතු ඔය, මීඔය, යාන් ඔය යන ප්‍රධාන ජල මාර්ග හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මහවැලි ගඟ, මින්නේරි ඔය, කවුඩුළු ඔය, පළාත තුළ පිහිටි ප්‍රධාන ජල මාර්ග ලෙස හදුන්වාදිය හැකිය. මීට අමතරව විශාල ප්‍රමාණයේ වැව් 17 කින්ද සුළු හා මධ්‍යම වාරිමාර්ග වැව් 2560 ක පමණ ප්‍රමාණයකින්ද උතුරු මැද පළාත පොහොසත් වේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වර්ෂාපතනය | Ø අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අර්ධයට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන අතර එහි වාර්ෂික සාමාන්‍යය මී.මී. 1000 – 1500 ත් අතර වේ. එසේම නැගෙනහිර අර්ධයට මී.මී. 1500 – 2000 ත් අතර වර්ෂාපතනයක් වාර්ෂිකව ලැබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උතුරු අර්ධයට වාර්ෂිකව මී.මී. 1000 – 2000 අතර වර්ෂාපතනයක් ද දකුණු අර්ධයට මී.මී. 2000 – 2500 අතර වර්ෂාපතනයක් පවතී. Ø ඔත්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා පවතින අන්තර් මෝසම් වර්ෂා කාලය පළාතට වැසි වැඩිම කාල පරිච්ඡේදය යි. මේ හැර මාර්තු, අප්‍රේල් මාස වල දී ද සැලකිය යුතු තරමේ වර්ෂාවක් ලැබේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උෂ්ණත්වය | Ø පළාතේ බොහෝ ප්‍රදේශ වල වර්ෂය පුරාම මාසික මධ්‍ය උෂ්ණත්වය වෙනස් වන්නේ සුළු වශයෙනි. වර්ෂයේ සිසිල්ම කාලය දෙසැම්බර් – ජනවාරි මාස වලදී ඇති වන අතර එම කාල වලදී මධ්‍ය උෂ්ණත්වය 26 0 C ක් පමණ වේ. වසරේ උණුසුම් ම කාල පරිච්ඡේදය මාර්තු සිට මැයි දක්වා කාලයේදීත් සැප්තැම්බර් මාසයේදීත් ඇති වන අතර එහි අගය 29 0 C – 30 0 C අතර වැනි ඉහළ අගයක් ගනී. වර්ෂයේ උණුසුම් කාල වලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වයට වඩා අඩු අගයක් ගනී. දිවයිනේ අනෙකුත් පළාත් හා සැසදීමේදී උතුරු මැද පළාත තුළ උෂ්ණත්වය තරමක් ඉහල අගයක් ගනී.
|