නව උපස්ථායිකයින් හා උපස්ථායිකාවන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මේ යටතේ මෙතෙක් සෞඛ්‍ය කාර්ය සහායකයින් වශයෙන් සේවයකළ 79 දෙනෙකු සඳහා උපස්ථායක හා උපස්ථායිකා පත්වීම් ලබා දෙනු ලැබීය.
මොවුන් බඳවා ගැනීමේදී තරඟ විභාගයක් පවත්වා ඉන් ඉහළ ලකුණු ලබාගත් පත්වීම්ලාභීන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට, ඉන් අනතුරුව තෝරා ගෙන තෙමසක පුහුණුවක් ද ලබාදීමෙන් පසුව මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන ලදි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩි.පි.පුෂ්පකුමාරි ,නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.එම්.ඩි.නරේන්ද්‍ර ප්‍රේමරත්න, නියෝජ්‍ය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන වික්‍රමසිංහ , ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල නිළධාරීන් සහභාගි විය.








No comment