පළාත් සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, රාජකාරි කටයුතු හේතුවෙන් ඇතිවන මානසික ආතතිය අවම කිරීම සහ රාජකාරි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් විශේෂ යෝගා වැඩසටහනක් යෝගා උපදේශක ශාන් ප්‍රදීප් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා පළාත් සභාවේ විවිධ ආයතන හා අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
රාජකාරි පරිසරය තුළ දෛනිකව මුහුණදීමට සිදුවන විවිධ වගකීම් හා කාර්යබහුලත්වය හේතුවෙන් නිලධාරීන්ට ඇතිවන මානසික ආතතිය අවම කර ගැනීම මෙන්ම ශාරීරික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා යෝගා අභ්‍යාසවල ඇති වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
වැඩසටහනේදී ශරීරය හා මනස සන්සුන් කර ගැනීමට උපකාරී වන විවිධ යෝගා අභ්‍යාස, නිවැරදි හුස්ම ගැනීමේ ක්‍රම සහ මානසික සන්සුන්භාවය වර්ධනය කර ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේද පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි.

ඡායාරූප – ඩබ්.කේ.යූ වාස්

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යාංශය
උතුරු මැද පළාත

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil