මේ දිනවල පැතිර යන “මෙනින්ජයිටිස්” රෝගය වලක්වා ගැනීම සඳහා හැකිතාක් දුරට මුව ආවරණ පැළඳීම මෙන්ම කණ්ඩායම් එකතු වන ස්ථානවලට අත්‍යවශ්‍ය කරුණක් නොවන විටදී එකතුවීමෙන් වැලකී සිටින ලෙසද අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

යම් හෙයකින් උණ, හිසරදය, වමනය සෙම් ප්‍රතික්ෂියාව වැනි රෝග ලක්ෂණයක් ඇත්නම් හැකි ඉක්මනින් ප්‍රථමයෙන්ම කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බවද එමගින් රෝගය පිළිබඳව වෛද්‍යවරයාට නිර්ණය කළ හැකි බවද පොදු ජනතාවට පවසා සිටියි.එපමණක් නොව එහි තීරණය මත තමන්ගෙන් ප්‍රජාවේ අනිත් පිරිස වලට මේ රෝගය වැළඳීම වළක්වීමට පියවර ගත හැකි බවද ජනතාව දැනුවත් කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා මේ සඳහා උපදෙස් ලබා ගැනීමට පැමිණෙන පිරිස් සඳහා සඳහන් කර තිබේ.

හුස්ම මගින් විෂබීජයක් ශරීර ගත වීමෙන් ඇතිවන මේ රෝගය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිල වශයෙන් ලබා දෙන නිවේදන පිළිබඳ ද සැලකිලිමත් වන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවට දැනුම් දෙයි.

විශේෂයෙන් ඉදිරියේදී බොහෝ පිරිස් එකතු වන දන්සැල් වැනි ස්ථානවලට යාමේදී සැලකිලිමත් වන ලෙසද අයිස් ක්‍රීම් සීතකළබීම ලබා ගැනීමද හැකිතාක් දුරට පාලනය කරගන්නා ලෙසද එමගින්ද රෝග ඇතිවීම පාලනයක් සිදුකළ බැවින් එයද සෞඛ්‍ය අංශ වලට සහයක් වන බව ඒ මහතා ජනතාවට පැහැදිලි කරමින් සඳහන් කර සිටියි.

වැදගත්ම කරුණ වන්නේ පොඩි හෝ උනක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් හැකියාව ඇති සියලු දෙනා නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තවදුරටත් පැහැදිලි කරයි.

මාධ්‍යවේදී -චාමර වික්‍රමආරච්චි

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala