ඩර්මටෝ⁣ෆෛයිට් නැමැති දිලීර ආසාදනය හේතුවෙන් ඇතිවන ටීනියා නැමැති චර්ම රෝගීන් දිනෙන් දින විශාල ලෙස බහුල වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එයට හේතු වී ඇත්තේ අලුතෙන් රෝගය වැළඳෙන රෝගීන්ට අමතරව රෝගය හඳුනාගෙන නියමිත ඖෂධ ආලේපන නියමිත කාලය අලේපනය නොකර කෙටි කලක් ආලේපනය කර නවතා දැමීම හේතුවෙන් බව අනුරාධපුර සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීනි සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හිටපු බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය පෙන්වා දෙයි.

රෝගය හඳුනාගැනීමෙන් පසුව ප්‍රජාව ඖෂධය කෙටි කලක් භාවිත කර අතහැර දැමීම හේතුවෙන් නැවත එම රෝගය ඇතිවීමේ බරපතළ අවදානමක් ඇති වී තිබෙන බවද පෙන්වා දෙන වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ඖෂධය සති අටත් දොළහත් අතර කාලයක් ආලේප කළ යුතු අතර රෝගය සුවවීමෙන්ද පසු සති තුනක් වැනි තවත් කාලයක් අඛණ්ඩව ආලේප කළ යුතු බව ඇය තවදුරටත් රෝගීන්ට පෙන්වා දෙයි.එමෙන්ම චර්ම රෝග පැල්ලම් තුනක් හෝ හතරකට වැඩි නම් ඖෂධ පෙති පානය කිරීමට ද ලබාදෙන අතර එයද අනිවාර්යයෙන් නිසි පරිදි පානය කළ යුතුය.

මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක් ආලේපනය කිරීම තහනම් කර ඇති අතර මේ සඳහා ගතයුතු දිලීර නාශකය වන්නේ – micanazoie/ketaconazole/Terbenafine – නැමැති දිලීර නාසකයයි.

කිසිම අවස්ථාවක දිලීරනාසක හැර කිසිම ඖෂධයක් හෝ ස්ටෙරොයිඩ මිශ්‍ර කර ආලේප කිරීමෙන් වලකින ලෙසද වෛද්‍යවරිය පැමිණෙන රෝගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

වෘත්තාකාර මැද කොටස එසවී නොමැති වටේට පමණක් එසවී ඇති තීනියා චර්ම රෝගය දහඩිය දමන ස්ථාන, ඉකිලි ,කිහිලි, පපුව, මුහුණ ආදී ස්ථානවල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගන්නා බවද ඇය පැහැදිලි කරයි.

ඖෂධ ගැනීමෙන් පසු සුව වුවද සති තුනක් ඖෂධ ආලේප කිරීම කළ යුතු බවද රෝගියා භාවිත කරන ඇඳුම් අව්වේ ඉතා හොඳින් වියලා භාවිත කරන ලෙසටද මේ රෝගය ස්පර්ශය තුළින්ද හටගන්නා බැවින් තමන් භාවිත කරන ඇඳුම් ආශ්‍රිතයන්ගෙන් වෙන්කර තබා ගන්නා ලෙසටද වැසිකිලි මාර්ගයෙන්ද මේ රෝගය වැළඳීමට ඉඩ ඇති බැවින් වැසිකිලි යාමෙන් පසු එය හොඳින් විසිබීජ නාශක යොදා පවිත්‍ර කරන ලෙසටද ඇය වැඩිදුරටත් රෝගීන්ට දන්වා සිටින්නීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය

-උතුරු මැද පළාත-

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala