”මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමාගාමි ව උතුරු මැද පළාත් කාන්තා දින සැමරුම

” පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග “යන තේමාව යටතේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සමානාත්වය ප්‍රවර්ධනය කිරීම, සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන දායකත්වය අගය කිරීම සහ කාන්තා අයිතිවාසිකම් සදහා ජාත්‍යන්තර අවධානය වැඩි කිරීම අරමුණු කොටගෙන පළාත් ආණ්ඩුකාර ගරු වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ.

1975 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් නිළ වශයෙන් පිළිගැනීමෙන් අනතුරුව සෑම වසරකම ලොව සියලු රටවල් කාන්තා දිනය සමරනු ලැබේ. ඒ අනුව ශ්‍රි ලංකාව ද මෙම ජ්‍යාතන්තර කාන්තා දිනය විවිධ තේමාවන් ඔස්සේ සෑම වසරකම සමරනු ලබන අතර එයට සමගාමීව සියලු පළාත්වල ද මෙම සැමරුම සිදු කරනු ලැබේ.

ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් 51.7% කාන්තාවන් වේ. ඒ අතර විදෙස්ගත ශ්‍රමික කාන්තාවන්, ඇඟලුම් හා තේ කර්මාන්තය, රාජ්‍ය සේවය යනාදී නොයෙකුත් කේෂ්ත්‍ර තුළ නියැලෙමින්, කාන්තාවන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයති. ශ්‍රි ලංකාව මාතෘ මූලික සමාජයක් ලෙස පිිළිගැනේ.

උතුරු මැද පළෘත් කාන්තා දින වැඩසටහන පළාත් පාලන, මහා මාර්ග, ග්‍රාම සංවර්ධන,නිවාස, පරිසර හා වනිතා කටයුතු,ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජන ප්‍රේමනාත් ජයසිංහ ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩි.පී.පුෂ්පකුමාරි,අමාත්‍යාංශ ලේකම් වරුන්, , ආයතන ප්‍රධානීන් සහ කාන්තා සමිති නියෝජිතයින්, ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකාවන් ඇතුළු පිරිසක් ස හභාගි විය.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala