උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුභසාධක සංගමයේ මහ සභා රැස්වීම අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.09.16 පැවැත්විණි.

අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම මහ සභා රැස්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා සුභසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූහ. අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන්ගේ සුභසාධනය, සේවා පරිසරය තුළ සුහදතාව වර්ධනය කිරීම සහ සාමාජිකයන්ගේ සාමාජීය හා වෘත්තීය අවශ්‍යතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙවැනි මහ සභා රැස්වීම් පැවැත්විණි.

මෙහිදී සුභසාධක සංගමයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සාමාජිකයන්ට අවස්ථාව හිමි වූ අතර, සංගමයේ ක්‍රියාකාරකම් වඩාත් විධිමත්ව හා ඵලදායීව ඉදිරියට ගෙන යාම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

රාජ්‍ය සේවය තුළ නිලධාරීන්ගේ සුභසාධනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම, සේවකයන් අතර සුහද සබඳතා වර්ධනය කිරීම මෙන්ම කාර්යාලීය කටයුතු සඳහා ධනාත්මක පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සුභසාධක සංගම් මඟින් සිදුකරන කාර්යභාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඡායාරූප – ඩබ්.කේ.යූ වාස්

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala