සුපිළිපන්න රාජ්‍ය සේවයක් බිහිකිරීමේ වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය සේවකයන්ගේ- පාගමට -උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ගේ දායකත්වය අද දින ලබා දුනි.

සුපිළිපන් සංස්කෘතියක් ගොඩනැඟීමට අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරීන්ගේ පා ගමනක්

අනුරාධපුරය, ජුලි 28 – “සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් – සුපිළිපන් සංස්කෘතියක්, ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ පා ගමනක් අද (28) පැවැත්විණි.

මෙම වැඩසටහන උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන නගර මධ්‍යය ඔස්සේ ගමන් කර යළි සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිණි. මෙම පා ගමනේ අරමුණ වූයේ පිරිසිදු, විනයගරුක හා ජනතා හිතකාමී රාජ්‍ය සේවයක් ගොඩනැඟීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමයි.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුළු නිලධාරීන්, අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාව ඇතුළු මධ්‍යම රජයේ ආයතන සහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ ආයතන රැසක නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.

ජාතික මෙහෙයුම් සතිය පුරා දිවයින පුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සුපිළිපන් රාජ්‍ය සේවා සංස්කෘතියක් සහ පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය සේවයේ දායකත්වය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala