=රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලයේ ආයුර්වේද වෛද්‍ය සායනය සාර්ථකව පැවැත්වේ=

උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින්, රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් 2026 ජූනි 28, 29 සහ 30 යන දිනවල මිහින්තලා රජමහා විහාරය පරිශ්‍රයේ විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනයක් සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වෛද්‍ය සායනය සඳහා උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය කැපවීමෙන් දායක වූ අතර, පොසොන් වන්දනාකරුවන් විශාල පිරිසකට නොමිලේ ආයුර්වේද වෛද්‍ය සේවා, සෞඛ්‍ය උපදේශන සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලදී.

සමාජයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවට ගුණාත්මක ආයුර්වේද සෞඛ්‍ය සේවාවන් සමීප කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

උතුරු මැද පළාත්

ආයුර්වේද දෙපාර්තමේන්තුව

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala