පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පරික්ෂාව හා රෝහල් පරීක්ෂාව 2026.05.07 වන දින උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය විසින් සිදුකරන ලදී.

එහිදී පදවිය ආයුර්වේද ග්‍රාමීය රෝහල, පදවිය මූලික රෝහල හා පදවිය පරාක්‍රමපුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය පරීක්ෂාවට ලක් කෙරිණි. තවද එම රෝහල්වල පවතින අඩුපාඩු හා වැඩිදියුණු කළ යුතු සේවාවන් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කෙරිණි.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala