@උතුරු මැද පළාතේ රෝහල් පද්ධතිය පිළිබඳ සොයා බලා පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීමට හැකි වන අයුරින් එම රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ හා සෞඛ්‍ය නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ.

මෙහිදි ජනතාව වැඩි වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් රෝහල් කිහිපයක් කඩිනමින් සියලු පහසුකම් සහිත මූලික රෝහල් ලෙස සංවර්ධනය කළ යුතු බව යෝජනා විය. ඒ අනුව පදවිය,කැකිරාව සහ මැදවච්චිය යන රෝහල් මේ වසරේ දී සංවර්ධන කිරිමට යෝජනා වු අතර ඒ සඳහා නියෝජ්‍ය ඇමතිතුමාගේ ද එකඟතාවය පළවිය .

මීට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමටත් එහි පරිපාලන ගොඩනැඟිල්ල කඩා ඉවත් කර වඩාත් විධිමත් ගොඩනැඟිල්ලක් එම ස්ථානයේ ඉදිකිරීමට තීරණය කර ඇති බැවින්, තාවකාලිකව පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැඟිල්ලක් පළාත් සභාවෙන් ලබාදීමටත් යෝජනා විය. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින ශල්‍ය වෛද්‍ය, තාක්ෂණ නිළධාරීන් , ඖෂධවේදීන් යනාදින්ගේ හිගය ද ගිලන් රථවල අවශ්‍යතාවය හා වසර ගණනාවක් පැරණි කාර්ය මණ්ඩලවල ගැටලු මෙහිදී සාකච්ජා වු අතර ඒවාට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළ කළේය.

මෙම සාකච්ඡාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන්, ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩි.පි. පුෂ්පකුමාරි , සමූපකාර අමාත්‍යාංශ ලේකම් ශ්‍රි ස්කන්ද කුමාර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චම්පා ජේ අලුත්වීර, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන කැකුළන්දර , අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ නිමල් ආරියරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක, වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය ඉංජිනේරු) එස්.ඒ.ජේ. කරුණාතිලක , එහි අධ්‍යක්ෂ (ගොඩනැඟිලි) අනුපමා දිසානායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

No comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

si_LKSinhala