පරිවාස

දැක්ම

නිතිගරුක ප්‍රජාවක්, සුරක්ෂිත ළමා පරපුරක්

මෙහෙවර

 

සමාජ විරෝධි ක්‍රියාවල යෙදෙන්නවුන් විශෝධනය සහ ළමුන්ගේ සමස්ත අයිතීන් සුරැකීම සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාවට නැංවීම.

දෙපාර්තමේන්තුව පිළිබඳ හැඳින්වීමක්

  • 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 1988 වර්ෂයේ උතුරු මැද පළාත් සභාව පිහිටුවන ලද අතර 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙන් පැවැරුණු විධිවිධානයන්ට යටත්ව පළාත් සභාවට පැවැරුණු පරිවාස හා ළමාරක්ෂක සේවා විෂයට අදාළ රාජකාරි ඉටුකිරීම සඳහා පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.
  • පළාත් සභා පිහිටුවීමට පෙර ස්වේච්ඡා ළමා නිවාස, රැඳවුම් නිවාසය හා අභය භාර ගැනීමේ ළමා නිවාසය මෙම පළාත තුළ ස්ථාපනය කර තිබූ අතර,
  •  2011.09.05 දින E/R – 335 (2010) ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මඟින් පළාත තුළ. උපදේශන මධ්‍යස්ථාන, සහතික කළ පාසල් ආදි ආයතන ස්ථාපනය කිරීමට අවස්ථාව හිමි විය. ඒ අනුව  2013  යෙහෙළි උපදේශන මධ්‍යස්ථානයත්  2015 වර්ෂයේ මඩාටුගම සහතික කළ පාසලත් ආරම්භ කරන ලදී.

ආයතනයේ අපේක්ෂා කෙරෙන ප්‍රධාන කාර්යයන් :

වරදකරුවන් පරිවාස භාරයට ගැනීමේ ආඥාපනත යටතේ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥාපනත යටතේ හා තවත් ආඥාපනත් 22ක් තුළින් දෙපාර්තමේන්තුවට බලය ලබා දී ඇත.

  1. ළමා රැකවරණය හා සුභසාධනය
  2. වරදකරුවන් පුනරුත්ථාපනය (ළමා ,වැඩිහිටි)

 

ආයතනයේ කටයුතුවලට බලාධිකාරිය ලැබී ඇති ආකාරය

  • (අ) ආඥාපනත්
  • (ආ) පනත්
  • (ඇ) ප්‍රඥප්ති
  • (ඈ)චක්‍රලේඛ හා වෙනත්

(අ) ආඥාපනත්

  1. 1944 අංක 22 වරදකරුවන් පරිවාස භාරයේ තැබීමේ ආඥාපනත සංශෝධනය, 1947 අංක 21, 1948 අංක 10.
  2. 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥාපනත.
  3. 1944 අංක 13, 1944 අංක 42, 1945 අංක 12, 1956 අංක 47, 1978 අංක 2 දරණ සංශෝධන.
  4. 1939 අංක 28 දරණ තරුණ වරදකරුවන් අභ්‍යාස විද්‍යාල පිළිබඳ ආඥා පනත හා එහි සං‍ශෝධන .
  5. 1907 අංක 5 දරණ රැදවුම් නිවාස ආඥා පනත.
  6. 1983 අංක 12 දරණ දණ්ඩනීති සංග්‍රහය ( විශේෂයෙන් අංක 22 හා 1998 අංක 28 දරණ සංශෝධන සහිතව).
  7. 1941 අංක 22 දරණ අනත්දරු නිවාස ආඥාපනත (විශේෂයෙන් 1946 අංක 45, 1978 අංක 38 හා 1992 අංක 15 සංශෝධන).
  8. 1841, 1873, 1904 නිවර්ථන නිවාස ආඥාපනත, 1941,1947,1978 අංක 2 සංශෝධන.
  9. 1895 අංක 14 දරණ සාක්ෂි ආඥාපනත ( විශේෂයෙන් 1999 අංක 32 දරණ විශේෂ විධිවිධාන පනත).
  10. 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ආඥාපනත ( විශේෂයෙන්ම 1995 අංක 18 හා 1997 අංක 12 සංශෝධන).
  11. (House of Detention) අයාල යන්නන් පිළිබඳ ආඥා පනත, 1907 අංක 5, 1930 අංක 21, 1995 අංක 26 සංශෝධන.
  12. දරුවන් කුලවැද්දීමේ ආඥා පනත 1941 අංක 24, 1948 අංක 56, 1964 අංක 01, 1977 අංක 06, 1979 අංක 38 සංශෝධන.
  13. 1889 අංක 2 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහ පනත (1977 අංක 19 හා 19 හා 20, 1980 අංක 53 දරණ සංශෝධන.
  14. 1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥාපනත හා ඒ ඒ පනත යටතේ පනවා ඇති රෙගුලාසි.
  15. 1948 අංක 20 දරණ ආගමන හා විගමන ආඥා පනත හා එහි සංශෝධන.
  16. 1952 අංක 17 දරණ උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත.
  17. 1952 අංක 44 දරණ උඩරට විවාහ ආඥාපනත හා 1995 අංක 19 දරණ සංශෝධනය.

(ආ) පනත්

  1. 1998 අංක 27 අධිකරණ සංවිධාන සහන.
  2. 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන පනත.

(ඇ) ප්‍රඥප්ති

විශ්ව ළමා ප්‍රඥප්තිය – 1995 අංක 01 දරණ උතුරු මැද පළාතේ ළමාරක්ෂක සේවා අරමුදල් ප්‍රඥප්තිය.

(ඈ) චක්‍රලේඛ හා වෙනත්

  • ආඥාපනත්වලට අදාලව නිකුත් කර ඇති රෙගුලාසි .
  • චක්‍රලේඛ හා වෙනත්.

නිතිමය අණපණත්

  • 1841 අංක 4 දරණ අයාල (පාදඩ) ආඥාපනත
  • 1865 අංක 7 දරණ වයස් පූර්ණත්ව ආඥාපනත (විශේෂයෙන් 1987 අංක 17 දරණ සංශෝධනය)
  • 1883 අංක 12 දරණ දණ්ඩ නීති සංග්‍රහය (විශේෂයෙන් 1995 අංක 22 හා 1998 අංක 29 දරණ සංශෝධන)
  • 1895 අංක 14 දරණ සාක්ෂි ආඥාපනත (විශේෂයෙන් 1999 අංක 32 දරණ [විශේෂ විධි විධාන] පනත)
  • 1889 අංක 02 දරණ සිවිල් නඩු විධාන සංග්‍රහ පනත (විශේෂයෙන්ම 1997 අංක 19 1977 අංක 20 හා 1980 අංක 53 දරණ සංශෝධන)
  • 1907 අංක 5 දරණ රැදවුම් නිවාස පනත
  • 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ආඥාපනත (විශේෂයෙන් 1995 අංක 18 හා 1997 අංක 12 දරණ සංශෝධන)
  • 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥාපනත
  • 1939 අංක 28 දරණ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥාපනත හා එහි සංශෝධන
  • 1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥාපනත හා ඒ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි
  • 1939 අංක 48 දරණ ළමා හා යෞවන ආඥාපනත
  • 1941 අංක 22 දරණ අනාථ නිවාස ආඥාපනත
  • 1941 අංක 24 දරණ අනත් දරු ආඥාපනත (විශේෂයෙන් 1978 අංක 38 හා 1992 අංක 15 දරණ සංශෝධන)
  • 1944 අංක 42 දරණ වරදකරුවන් පරිවාස ගතකිරීම පිළිබද ආඥාපනත හා එහි සංශෝධන
  • 1948 අංක 20 දරණ ආගමන හා විගමන ආඥාපනත හා එහි සංශෝධන
  • 1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත
  • 1952 අංක 44 දරණ උඩරට විවාහ ආඥාපනත (විශේෂයෙන් 1995 අංක 19 දරණ සංශෝධනය)

කාර්යයන්

  • සමාජ විරෝධි ක්‍රියාවල යෙදෙන්නවුන් විශෝධනය
  • ළමුන්ගේ සමස්ථ අයිතීන්සුරැකීම
  • ආයතනික ධාරිතා සංවර්ධනය
  • යහපාලනය
  • චුදිතයන් පිළිබඳ අධිකරණයට තොරතුරු හා නිර්දේශ සැපයීම

ප්‍රජාව වෙත සපයනු ලබන සේවාවන්

  • දරුවකු හදාවඩා ගැනීමට ලියාපදිංචි කිරීම හා දැනුම්දීම
  • අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට පත් දරුවන් නිවාසගත කිරිම
  • නිවාසගත දරුවන් සමාජගත කිරීම
  • ළමා හිංසනය අවම කිරීම සඳහා දැනුවත්කිරීම
  • ළමා නිවාස සඳහා නඩත්තු ආධාර ලබාදීම හා අධීක්ෂණ කිරීම
  • උපදේශන සේවා සැපයීම
  • අධ්‍යාපන අධාර ලබාදීම
  • බාල වයස්කාර දරුවන්ගේ දේපල ආරක්ෂා කරදීම
  • දරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම
  • නිවාසගතවීම අවම කිරීම සඳහා නිවාස ආධාර හා ස්වයං රැකියා ආධාර සැපයීම
  • පරිවාසිකයන් සඳහා ස්වයං රැකියා ආධාර සැපයීම
  • දිවාසුරකුම් මධ්‍යස්ථානය ලියාපදංචිය නඩත්තු ආධාර ගෙවීම හා අධීක්ෂණය කිරීම

දෙපාර්තමේන්තුව සතු ආයතන

ආයතනය

අ.පුර

පො.නරුව

පළාත්

පරිවාස කාර්යාල                                                

04

02

06

ළමා නිවාස                                                      

06

04

10

අභය භාරගැනීමේ ළමා නිවාසය                          

01

01

ළමා රැඳවුම් මධ්‍යස්ථාන                                      

01

01

උපදේශන මධ්‍යස්ථාන                                        

01

01

සහතික කළ පාසල (ගැහැණු)                             

01

01

 

14

06

20

ළමා නිවාස

ළමා  නිවාසයේ නම

ලිපිනය

දුරකථන අංකය

සිටින ළමුන් සංඛ්‍යාව

ගැහැණු

පිරිමි

අභය භාරගැනීමේ ළමා නිවාසය

කේ.බී.රත්නායන මාවත, අනුරාධපුර          

025 3852614

06

07

අවන්තිදේවී බාලිකා ළමා නිවාසය

බුලන්කුලම දිසා මාවත, අනුරාධපුර          

025 2221354

37

අශෝක බාලක ළමා නිවාසය

ජයන්ති මාවත, අනුරාධපුරය                         

025 2221582

27

සරණ සෙවණ බාලිකා ළමා නිවාසය

ජයන්ති මාවත, අනුරාධපුරය                       

025 2221581

40

මිත්‍ර බාලිකා ළමා නිවාසය                  

දුම්රියපොළ පාර, පුලියන්කුලම,සාලියපුර.

025 2237544

32

ප්‍රීති බාලිකා ළමා නිවාසය                  

කුරුණෑගල පාර, තලාව                             

025 2276170

22

SOS ළමා ගම්මානය                          

SOS ළමා ගම්මානය, අ.පුර                        

025 2221 924

77

39

 

යුත් එක

  

22

පැරකුම් බාලිකා ළමා නිවාසය            

නව නගරය, පො.නරුව

027 2222805

26

ධර්මපාල බෝසත් බාලිකා ළමා          නිවාසය

හතමුණ,හිඟුරක්ගොඩ

077 4358581

44

ධර්මපාල බෝසත් බාලක ළමා නිවාසය

පොලීසිය පාර,හිඟුරක්ගොඩ

077 8742687

 

19

ශාන්ත ජෝෂප් බාලිකා ළමා නිවාසය

පල්ලිය,හිඟුරක්ගොඩ

027 2247254

076 7086661

17

17