අප ආ ගමන් මඟ

අප ආ ගමන් මඟ

 

උතුරු මැද පළාත ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අතර ස්වභාව සෞන්දර්යෙන් ද අනුන පළාතකි.උතුරු මැද පළාත අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත් වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 29කින් සමන්විත වන පරිදි පළාත මායිම් වී ඇත. මෙහි වර්ග කි.මී.10,472ක් වන අතර මුළු ජනගහනය 1,425,773 ක් ජිවත් වෙති. උතුරු මැද පළාත කෘෂිකාර්මික ජිවන රටාවක් පවතින අතර විවිධ ජන කොට්ඨාශයන් හා විවිධ සංස්කෘතීන් ද මෙම පළාත තුළ විශේෂයෙන් දක්නට ලැබේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1987අංක 47 දරණ පළාත් සභා පනත අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාව පළාත් 09කට බෙදා පළාත් සභා පාලන ක්‍රමයක් ඇති කරන ලද අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද පළාත් සභා ක්‍රමයට අදාළව පළාත් සභා සදහා සමගාමී ලැයිස්තුව හා පළාත් සභා ලැයිස්තුව මගින් බලතල පවරන ලදී.
මෙසේ වරින්වර දේශපාලන නායකත්වය මෙන්ම අමාත්‍යංශ විෂයන් ද වෙනස් වෙමින් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා පරිසර සහ පළාත් සභා කටයුතු අමාත්‍යංශය මිනිසාගේ ජිවන ක්‍රමයට සෘජුවම බලපාන සේවාවන් සපයමින් උතුරු මැද පළාතේ ජන ජිවිතයට ඉතා සමීපව ක්‍රියාත්මක වන අමාත්‍යංශය බවට පත්වී ඇත.

 

පළමු පළාත් සභාව

නිල කාලය –  1988.05.12 සිට 1993.03.16 දක්වා

අමාත්‍යාංශ විෂයය පතය   –  කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග්‍රාම සංවර්ධන, ධීවර, පරිසර, සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා සහ වනිතා කටයුතු

ආණ්ඩුකාර

ගරු ඩී.බී. වෙලගෙදර මැතිතුමා (1988.05.05 - 1989.05.20 


ආණ්ඩුකාර

ගරු  ඊ.එල්. සේනානායක මැතිතුමා (1989.05.11 - 1993.06. 14)

ප්‍රධාන අමාත්‍ය

ගරු  ජී.ඩී. මහින්දසෝම මැතිතුමා 

සෞඛ්‍ය අමාත්‍ය

ගරු රාණි අධිකාරි මැතිතුමිය

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්

පී.එච්. පුන්‍යසිරි මහතා (1988.10.01 - 1992.11.17 දක්වා)

දෙවන පළාත් සභාව

නිල කාලය

1993.06.14 සිට 1998.06.13 දක්වා

අමාත්‍යාංශ විෂය පතය  –  ඉඩම්, ඉඩම් පරිහරණ, කර්මාන්ත, කුඩා කර්මාන්ත, සමාජ සුබසාධන, ධීවර, ග්‍රාම සංවර්ධන, පේෂකර්ම, පරිසර සහ වනිතා කටයුතු

ආණ්ඩුකාර

ඊ.එල්. සේනානායක මැතිතුමා (1994.05.10 දක්වා)

ආණ්ඩුකාර

ගරු ඊ.එල්.බී. හුරුල්ලේ මැතිතුමා (1994.05.11 - 1994.09.06 දක්වා)

ආණ්ඩුකාර

ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමා                    (1994.09.07 - 1998.07.12

ප්‍රධාන අමාත්‍ය

ගරු ජී.ඩී. මහින්දසෝම මැතිතුමා (1993.06.14 - 1996.05.02

ප්‍රධාන අමාත්‍ය

ගරු ජයසේන දිසානායක මැතිතුමා (1996.05.02 - 1998.06.13

සෞඛ්‍ය අමාත්‍ය

ගරු රාණි අධිකාරි මැතිතුමිය

අමාත්‍යාංශ ලේකම්

චන්ද්‍රා කරුණාරත්න මහත්මිය (1993.06.28 - 1996.03.15

අමාත්‍යාංශ ලේකම්

බ්.එම්.ආර්.බී. වන්නිනායක මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්

කේ.ජී.ජී. විජේවර්ධන මහතා (1999 ජනවාරි සිට)

තුන්වන පළාත් සභාව

පළාත් සභා කාලය – 1999.05.06 සිට 2004.05.05 දක්වා

අමාත්‍යංශයට හිමි වු විෂයන් -  සමාජ සේවා, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, විදුලිබල හා බලශක්තිය

ආණ්ඩුකාර

ගරු ජී.එම්.එස්. සමරවීර මැතිතුමා (1998.08.18 - 2003.08.18 දක්වා)

ආණ්ඩුකාර

ගරු ජගත් බාලසුරිය මැතිතුමා (2003.08.22 සිට)

ප්‍රධාන අමාත්‍ය

ගරු ජයනි තිසේරා දිසානායක මැතිතුමිය (1994.04.15 - 1999 ජුනි දක්වා)

ප්‍රධාන අමාත්‍ය

ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා (1999.08.14 -  2004.05.05 දක්වා

සෞඛ්‍ය අමාත්‍ය

ගරු ආර්.එම්.පී.බී. රත්නායක මැතිතුමා

අමාත්‍යාංශ ලේකම්

කේ.ජී.ජී. විජේවර්ධන මහතා (1999 සැප්තැම්බර් දක්වා)

අමාත්‍යාංශ ලේකම්

එස්.ධනන්සුරිය මහතා (1999 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා)

අමාත්‍යාංශ ලේකම්

බී.එම්. සුනිල් තිලකරත්න මහතා (1999 දෙසැම්බර් මස සිට)

හතරවන පළාත් සභාව:

නිල කාලය – 2004.08.11 සිට 2008.06.09 දක්වා

අමාත්‍යංශයට හිමි වු විෂයන් – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා

ආණ්ඩුකාර

ගරු ජගත් බාලසුරිය මැතිතුමා (2006.11.12 දක්වා)

ආණ්ඩුකාර

ගරු කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා (2006.11.13 සිට)

ප්‍රධාන අමාත්‍ය

ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා

සෞඛ්‍ය අමාත්‍ය

ගරු වීරසේන ගමගේ මැතිතුමා

අමාත්‍යාංශ ලේකම්

බී.එම්. සුනිල් තිලකරත්න මහතා (2005.03.08 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

චන්ද්‍රා කරුණාරත්න මහත්මිය (2005.03.09 සිට)

පස්වන පළාත් සභාව

නිල කාලය – 2008.09.18 සිට 2012.06.27 දක්වා

අමාත්‍යංශයට හිමි වු විෂයන් –  සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා, ක්‍රීඩා හා යෞවන කටයුතු

ආණ්ඩුකාර

ගරු කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා

ප්‍රධාන අමාත්‍ය

ගරු බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා

සෞඛ්‍ය අමාත්‍ය

ගරු එස්.එම්. පේෂල ජයරත්න බංඩාර මැතිතුමා

අමාත්‍යාංශ ලේකම්

චන්ද්‍රා කරුණාරත්න මහත්මිය (2011.02.24 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

ජී.ඩී. කීර්ති ගමගේ මහතා (2011.02.25 සිට 2011.12.31 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

ඩී.එච්.එම්.එන්.පී. දසනායක මහත්මිය (2012.01.02 - 2012.10.02 දක්වා

හයවන පළාත් සභාව

පළාත සභා නිල කාලය –  2012.10.03 සිට

අමාත්‍යංශයට හිමි වු විෂයන් – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක, කාන්තා, ප්‍රවාහන සහ නිවාස සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා, පරිසර සහ පළාත් සභා කටයුතු

ආණ්ඩුකාර

ගරු කරුණාරත්න දිවුල්ගනේ මැතිතුමා  (2015.01.20 දක්වා)


ආණ්ඩුකාර

ගරු පී.බී දිසානායක මැතිතුමා (2015.01.27 සිට )


ප්‍රධාන අමාත්‍ය

ගරු එස්.එම්.රංජිත් සමරකෝන් මැතිතුමා (2012.10.03 - 2015.01.27 දක්වා)

ප්‍රධාන අමාත්‍ය

ගරු එස්.එම්.පේෂල ජයරත්න බංඩාර මැතිතුමා (2015.01.28 සිට)

සෞඛ්‍ය අමාත්‍ය

ගරු එච්.බී.සේමසිංහ මැතිතුමා (2012.10.03 - 2015.02.04 දක්වා)

සෞඛ්‍ය අමාත්‍ය

ගරු කේ.එච්. නන්දසේන මැතිතුමා (2015.02.05 සිට 2017.05.09 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

ඩී.එම්. චන්ද්‍රා කුමාරි චන්ද්‍රදාස මහත්මිය (2012.10.03 සිට 2015.10.26 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

ජී.ඩී. කීර්ති ගමගේ මහතා (2015.10.27 - 2017.02.23 දක්වා)

අමාත්‍යාංශ ලේකම්

එස්.එම්.සමන් බන්දුල මහතා (2017.03.22 - 2020.02.17

අමාත්‍යාංශ ලේකම්

කේ.පී.සිරිබද්දන මහතා (2020.02.07 - 2021.01.11 )

අමාත්‍යාංශ ලේකම්

කේ.ජී.එස්.චන්ද්‍රලතා මිය (2021.01.12 - 2021.02.24)

අමාත්‍යාංශ ලේකම්

එච්.එම්.එන්.පී.දසනායක මිය (2021.02.25 - 2022.11.07 )