මේ දිනවල රජරටට බලපෑ ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් හැකිතාක් දුරට අව්වේ රැඳී සිටීමෙන් වළකින ලෙසටත් සෞඛ්‍ය අංශ නිකුත්කර ඇති වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් උතුරුමද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් මේ දිනවල උතුරු මැද පළාතේ පවතින තද අව්ව හේතුවෙන් ඉහළ උෂ්ණත්වයක් පවතින බැවින් හැකි සෑම අවස්ථාවකදීම හැකිතාක් දුරට නිරන්තරයෙන් ජලය පානය කරන ලෙසද පෙරවරු දහයේ සිට පස්වරු තුන හතරවැනි කාලසීමා තුළදී දරුවන් ක්‍රීඩා කටයුතු හෝ වෙනත් කටයුතු වලට අව්වට යොමු කිරීමෙන් වලකින ලෙස ලබා දී ඇති වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කර සිටින්නීය.

ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අව්වේ කටයුතු කරන වැඩිහිටියන්ද හිස් වැසුම් සහ ශරීර ආවරණය කර ගැනීම සෞඛ්‍ය අංශවල උපදෙස් බැවින් එයද පිළිපදින ලෙස ඇය ඉල්ලා සිටියාය.

විශේෂයෙන් දැඩි අව්රශ්මියේ සිට පැමිණ ඒ මොහොතේම අධික ලෙස සීතකළ බීම හෝ ජලය පානය කිරීමද යෝග්‍ය නොවන බව සෞඛ්‍ය අංශවල මතය බවද පුෂ්ප කුමාරී මහත්මිය පැහැදිලි කළාය.

තවද අව් රශ්මියට නිරාවරණය හේතුවෙන් විවිධ චර්ම රෝග දහට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බව උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය සඳහන් කරයි.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil