උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ යටතේ ඇති දෙපාර්තමේන්තුවල විගණන හා කළමනාකරණ කමිටුවේ 2026 වර්ෂයේ තෙවන කාර්තුවට අදාළ කමිටු රැස්වීම පසුගියදා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීම උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ විගණන හා කළමනාකරණ කමිටුවේ සභාපති ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන හා මූල්‍ය කටයුතු වඩාත් විධිමත්, කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල කටයුතු සම්බන්ධයෙන් පවතින විගණන කරුණු, කළමනාකරණ කාර්යසාධනය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට විගණන හා කළමනාකරණ කමිටුවේ සාමාජික යූ.එස්. පුෂ්පකාන්ති මහත්මිය, නිරීක්ෂකවරුන් වන බී.වී.කේ.බී. බෙනරගම මහත්මිය සහ එම්.එම්.යූ.ඩී. ඉලංකෝන් මහතා, කමිටු සාමාජික හා කැඳවුම්කරු ඩී.එම්.ඒ.එස්. දහම්පත් මහත්මිය ඇතුළු වෛද්‍යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

පළාත් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මනා කළමනාකරණයක්, වගකීම් සහගත පරිපාලනයක් සහ විධිමත් අධීක්ෂණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙවැනි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් තුළින් අවධාරණය කෙරේ.

ඒ අනුව, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු වඩාත් විධිමත් හා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කළමනාකරණ හා විගණන ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ පාර්ශ්වයන්ගේ අවධානය යොමු කරමින් මෙම කමිටු රැස්වීම සාර්ථකව පැවැත්විණි.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil