උතුරු මැද ආයුර්වේද රෝහල් සඳහා වියළි ඖෂධ මිලදී ගැනීමේදී ප්‍රමිතියට ප්‍රමුඛත්වය

ආයුර්වේද රෝහල් සඳහා වියළි ඖෂධ මිලදී ගැනීමේදී අදාළ ඖෂධ වර්ග නිසි ප්‍රමිතියෙන් යුක්ත දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව, රෝහල් වියළි ඖෂධ පරීක්ෂක කමිටුවේ අනුමැතිය මත ඒවා ලබාගැනීම සිදු කෙරේ. ඒ අනුව, වියළි ඖෂධ මිලදී ගැනීමට අදාළ ලංසු ඇගයීම් කමිටුව, සැපයුම්කරුවන් සහ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඖෂධ පරීක්ෂා කිරීම සිදු විය.

මෙහිදී අවස්ථා කිහිපයකදී ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප වී තිබූ නෙල්ලි, ටුවරලා සහ ටර්පන්ටයින් ඇතුළු වියළි ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කෙරිණි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මිය සහ උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ඊ. අයි. එන්. බී. ඕලුකරද මහතා ඉදිරියේ මෙම ඖෂධ පරීක්ෂාව සිදු විය.

මෙම අවස්ථාව සඳහා වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය, අදාළ නිලධාරීන්, ලංසු ඇගයීම් කමිටු සාමාජිකයන් සහ සැපයුම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රෝගීන් සඳහා ලබාදෙන ආයුර්වේද ඖෂධවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඖෂධ මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියක් පවත්වාගෙන යාම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

No comment

மறுமொழி இடவும்

உங்கள் மின்னஞ்சல் வெளியிடப்பட மாட்டாது தேவையான புலங்கள் * குறிக்கப்பட்டன

ta_INTamil