මේ දිනවල රටේ මෙන්ම රජරටට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ළමුන් සහ කුඩා දරුවන් අව්වට යොමු කිරීමෙන් වළකින ලෙසට අනුරාධපුර සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සහ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය ඉල්ලීමක් කරයි.
ඉකුත් සතියේදී අනුරාධපුරයේ උෂ්ණත්වය 39 සහ 45 දක්වා ඉහළ ගිය බවද එය ශරීරයට ඉතා අහිතකර තත්වයක් බවද පෙන්වා දෙයි.සාමාන්‍යයෙන් 20,30 අතර මට්ටමක උෂ්ණත්වයකට හුරු වී ඇති මේ ප්‍රදේශයට මෙය තදින් බලපාන බවද වෛද්‍යවරිය සඳහන් කරන්නීය.
මේ හේතුවෙන් චර්ම රෝග මෙන්ම කෙටිකාලීන නොවන දිගුකාලීන සම මතුපිට අවදානමක් ද ඇති බව ඇය සඳහන් කරයි.
විශේෂයෙන් පෙරවරු 11 සිට 03 දක්වා කාලය තුළ ක්‍රීඩා කටයුතු හෝ දරුවන් අව්වට යොමු කිරීමෙන් වලකින ලෙසද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ජනතාවගෙන් තවදුරටත් ඉල්ලීමක් කරයි.
ගොවිතැන් අස්වනු නෙලන ගොවියන්ද හැකිතාක් පෙරවරු හයත් එකොළහක් අතර පමණක් ගොවිතැන් කටයුතුවල යෙදෙන්නේ නම් යෝග්‍ය බවද වෛද්‍යවරිය පෙන්වා දෙන්නීය.අව්වට නිරාවරණය වන්නේ නම් ගොවියන් හැකිතාක් ජලය පානය කරන ලෙසත් සම්පූර්ණ ශරීරය ආවරණය වන පරිදි ඇඳුමක් පළඳින ලෙසත් අනිවාර්යයෙන් හිස් වැසුමක් පාවිච්චි කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීවරිය ගොවියන්ට දැනුම් දෙයි.
මේ තද උෂ්ණත්වය තුළින් සමයෙහි පාට වෙනස්වීම,සම තුනී වීම,සම රැළි වැටීම,වියලීම ආදිය මෙන්ම ජීවිත අවදානම පවා ඇති බව වෛද්‍යවරිය සඳහන් කරයි.
තලේලු සමත් ඇති බැවින් සමෙහි පිළිකා ඇතිවීමේ අවදානම අඩු රටක් වශයෙන් ලංකාව පැවතියත් මේ උෂ්ණත්වය ඔරොත්තු නොදෙන බවද හේමා වීරකෝන් මහත්මිය පෙන්වා දෙයි.
මාධ්‍යවේදී
චාමර වික්‍රමආරච්චි
සෞඛ්‍ය අමාත්‍යාංශය
=උතුරු මැද පළාත් =


No comment