වෙසක් පණිවුඩය
සියලු ලෝක,සියලුසත්වයෝ,සෝවාන් වෙත්වා! සකෘදාගාමී වෙත්වා!අනාගාමී වෙත්වා!අරහත් වෙත්වා!
පළාත් සෞඛ්‍යා අමාත්‍යාංශයේ ස්ථාපිත සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකක
===පළාත් සෞඛ්‍යා අමාත්‍යාංශයේ ස්ථාපිත සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකකය මගින් ආයුර්වේද සායනයක් පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පවත්වන ලදී එම සායනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩි.පි.පුෂ්ප කුමාරි මහත්මිය ඇතුළු පළාත් සභා පරිශ්‍රයේ නිලධාරිහු සහභාගි වූහ
===ටීනියා නැමැති චර්ම රෝගය===
===ටීනියා නැමැති චර්ම රෝගය===
ඩර්මටෝෆෛයිට් නැමැති දිලීර ආසාදනය හේතුවෙන් ඇතිවන ටීනියා නැමැති චර්ම රෝගීන් දිනෙන් දින විශාල ලෙස බහුල වන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එයට හේතු වී ඇත්තේ අලුතෙන් රෝගය වැළඳෙන රෝගීන්ට අමතරව රෝගය හඳුනාගෙන නියමිත ඖෂධ ආලේපන නියමිත කාලය අලේපනය නොකර කෙටි කලක් ආලේපනය කර නවතා දැමීම හේතුවෙන් බව අනුරාධපුර සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීනි සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය පෙන්වා දෙයි.
රෝගය හඳුනාගැනීමෙන් පසුව ප්‍රජාව ඖෂධය කෙටි කලක් භාවිත කර අතහැර දැමීම හේතුවෙන් නැවත එම රෝගය ඇතිවීමේ බරපතළ අවදානමක් ඇති වී තිබෙන බවද පෙන්වා දෙන වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ඖෂධය සති අටත් දොළහත් අතර කාලයක් ආලේප කළ යුතු අතර රෝගය සුවවීමෙන්ද පසු සති තුනක් වැනි තවත් කාලයක් අඛණ්ඩව ආලේප කළ යුතු බව ඇය තවදුරටත් රෝගීන්ට පෙන්වා දෙයි.එමෙන්ම චර්ම රෝග පැල්ලම් තුනක් හෝ හතරකට වැඩි නම් ඖෂධ පෙති පානය කිරීමට ද ලබාදෙන අතර එයද අනිවාර්යයෙන් නිසි පරිදි පානය කළ යුතුය.
මේ සඳහා ඖෂධ වර්ග කිහිපයක් ආලේපනය කිරීම තහනම් කර ඇති අතර මේ සඳහා ගතයුතු දිලීර නාශකය වන්නේ – micanazoie/ketaconazole/Terbenafine – නැමැති දිලීර නාසකයයි.
කිසිම අවස්ථාවක දිලීරනාසක හැර කිසිම ඖෂධයක් හෝ ස්ටෙරොයිඩ මිශ්‍ර කර ආලේප කිරීමෙන් වලකින ලෙසද වෛද්‍යවරිය පැමිණෙන රෝගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
වෘත්තාකාර මැද කොටස එසවී නොමැති වටේට පමණක් එසවී ඇති තීනියා චර්ම රෝගය දහඩිය දමන ස්ථාන, ඉකිලි ,කිහිලි, පපුව, මුහුණ ආදී ස්ථානවල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හටගන්නා බවද ඇය පැහැදිලි කරයි.
ඖෂධ ගැනීමෙන් පසු සුව වුවද සති තුනක් ඖෂධ ආලේප කිරීම කළ යුතු බවද රෝගියා භාවිත කරන ඇඳුම් අව්වේ ඉතා හොඳින් වියලා භාවිත කරන ලෙසටද මේ රෝගය ස්පර්ශය තුළින්ද හටගන්නා බැවින් තමන් භාවිත කරන ඇඳුම් ආශ්‍රිතයන්ගෙන් වෙන්කර තබා ගන්නා ලෙසටද වැසිකිලි මාර්ගයෙන්ද මේ රෝගය වැළඳීමට ඉඩ ඇති බැවින් වැසිකිලි යාමෙන් පසු එය හොඳින් විසිබීජ නාශක යොදා පවිත්‍ර කරන ලෙසටද ඇය වැඩිදුරටත් රෝගීන්ට දන්වා සිටින්නීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය
-උතුරු මැද පළාත-
“සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකකය”
“සුව ආරක්ෂා සෞඛ්‍ය සේවා ඒකකය”
නිරෝගිමත් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මඟින් සතුටින් සිටීම සඳහා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයකට අනුව සුව ආරක්ෂා සෞඛ්‍ය ඒකකය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේදී 2026.05.18 වන දින පෙ.ව.10.00 ට ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙහිදී
Ø රුධිර පීඩනය
Ø රුධිරයේ සීනි පරීක්ෂාව
Ø ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම
Ø යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා උපදෙස්
ලබාගත හැකිවිය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ආර්.එම්.ඩී.පී. පුෂ්පකුමාරි
මහත්මිය අමත්‍යංශ ලේකම්වරු පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් සහභාගි විය.
දෙපාර්තමේන්තුවල පවතින ගැටලු පිළිබඳ දෛනිකව ලැබෙන පෙත්සම් හා පැමිණිලි
උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පවතින ගැටලු පිළිබඳ දෛනිකව ලැබෙන පෙත්සම් හා පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හට එම විෂය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පොලොන්නරුව නාගරික කොමසාරිස් චන්දිමා නිරෝෂණි මහත්මියගේ සම්පත්දායකත්වයෙන් 2026.04.07 දින උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එම අවස්ථාව සදහා උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එම් ඩී.පී පුෂ්පකුමාරි මහත්මිය ද සහභාගි විය.
