පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කරනු ලබන “සුව ආරක්ෂා පියස” වැඩසටහන 2026.06.26 වන දින පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේදී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන් සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනේදී පැමිණි රජ්‍ය සේවකයින් ආයුර්වේද වෛද්‍ය උපදේශන, සෞඛ්‍ය පරීක්ෂණ සහ නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සේවාවන් නොමිලේ ලබා දෙන ලදී. එමෙන්ම නිසි ආහාර රටාව, රෝග වළක්වා ගැනීමේ ක්‍රම සහ දෛනික ජීවිතයේ සෞඛ්‍ය සුරැකීම සඳහා අනුගමනය කළ යුතු පුරුදු පිළිබඳව ද රජ්‍ය සේවකයින් දැනුවත් කරන ලදී.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ‍ලේකම් ආර්.එම්.ඩී.පී පුෂ්පකුමාරි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish