අනුරාධපුර නාච්චාදූව ප්‍රාදේශිය රෝහලේ අභිනවයෙන් ඉදිකළ වාට්ටු සංකීර්ණය හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි භාග්‍ය ශ්‍රි හේරත් මහතාගේ සහ “කටාර් චැරිටි” ආයතනයේ ශ්‍රි ලංකාව භාර අධ්‍යක්ෂ මොහොමඩ් අබු කළිෆා මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

මෙය කාන්තා සහ පිරිමි වාට්ටුවකින් මෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයකින් සමන්විත වන අතර, මේ සඳහා ප්‍රතිපාදන සපයා ඇත්තේ කටාර් රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ” කටාර් චැරිටි” ආයතනය මඟිනි. එම සංවිධානය මඟින් ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 15 ක් වැය කර ඇත. මෙහි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 40 කි.

නාච්චාදූව ප්‍රදේශයේ විශාල ගොවිජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වන අතර, මෙවැනි ගොඩනැඟිල්ලක විශාල අඩුපාඩුවක් පැවති අතර, මෙම ඉදිකිරිමත් සමඟ එම අඩුපාඩුව සම්පූර්ණවේ.

මෙම අවස්ථාවට නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය සභාවේ සභාපති කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, සම්බන්ධිකරණ ලේකම් ආනන්ද රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩි.පි.පුෂ්පකුමාරි,අතිරේක පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නෙළුම් සමරුතිලක,හිටපු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර, නියෝජ්‍ය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නරේන්ද්‍ර ප්‍රේමරත්න බංඩා, නාච්චාදූව ප්‍රාදේශිය රෝහලේ ආයතනභාර වෛද්‍ය නිළධාරි දර්ශිකා ආරියසේන වෛද්‍ය නුවන් චන්ද්‍රා රත්න ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දේශපාලන නියෝජිතයින්, කටාර් චැරටි ආයතනයේ නිළධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගිවිය.

-සටහන හා ඡායාරූප-

මාධ්‍ය ඒකකය

ප්‍රධාන අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish