ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියට සමගාමීව උතුරු මැද පළාත් රාජ්‍ය අංශයේ කාර්යාල පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල පරීක්ෂාවක් 2026 අගෝස්තු මස 18 වන දින සිදු කෙරිණි.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව, ඵලදායීතාව, සේවා ගුණාත්මකභාවය සහ සම්පත් කළමනාකරණය ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියට අදාළව මෙම කාර්යාල පරීක්ෂාව සංවිධානය කර තිබිණි.

එහිදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික රාජකාරි කටයුතු පවත්වාගෙන යාම, කාර්යාල පරිපාලනය, ලේඛන හා තොරතුරු කළමනාකරණය, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, කාර්යාල සම්පත් භාවිතය සහ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කෙරිණි.

කාර්යාල පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ, ආයතනික කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය සේවය වඩාත් ගුණාත්මක හා ජනතා හිතකාමී සේවාවක් බවට පත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙහිදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මිය විසින් අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳව කාර්යාල පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරීන් දැනුවත් කළාය.

රාජ්‍ය ආයතන තුළ ඵලදායීතා සංකල්පය තවදුරටත් ශක්තිමත් කරමින් සීමිත සම්පත් උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිත කර ජනතාවට කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉදිරියේදී ද නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද එහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ, ප්‍රධාන ගණකාධිකාරි ඩී.එම්.ඒ.එස්.දහම්පත්,අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)කේ.පි.එස්. පතිරණ,පරිපාලන නිලධාරි එල්.කේ.ඩී.සමරවික්‍රම,ප්‍රධාන කළමනාකරණ.සේවා නිලධාරිකේ.ජී.ආර්.මල්කාන්ති යන මහත්ම මහත්මයෙන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය‍ අමාත්‍යාංශය

-උතුරු මැද පළාත-

Ministry of Health-

North Central Province

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish