සෞඛ්‍ය

පළාත් අධ්‍යක්ෂ

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

හැදින්වීම

උතුරු මැද පළාත තුල රෝග නිවාරණ , ප්‍රතිකාර,  සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ පුනරුත්ථාපන සේවා මඟින් සතුට හා සෞභාග්‍ය ලබාදීමට සෞඛ්‍ය කාර්යයන් හා වැඩසටහන් මෙහෙයවීම ,සම්බන්ධීකරණය හා පාලනය සිදු කිරීමේ වගකීමට බැඳි සිටින උතුරු මැද පළාත් පළාත් සභාවට අයත් පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වනු ලබන සංවිධානමය ව්‍යුහය පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවයි.

මෙහිදී දිස්ත්‍රික් මට්ටමින් සේවාවන් සැපයීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ  පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පිහිටුවා ඇත.

දැක්ම

“ නීරෝගීමත් ජනතාවක්, සමෘධිමත් පළාතක්”

මෙහෙවර

නිවාරණ සහ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, සමාජ බලමුලු ගැන්වීම සහ සවිබල ගැන්වීම, අන්තර් ආංශික සම්බන්ධීකරණය සහ පර්යේෂණ සංවර්ධනය සාධාරණ හා සමානාත්මක ආකාරයකින් ප්‍රජාවට සපයන සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න සහ ධනවත් ප්‍රජාවක් නිර්මාණය කිරීම.

තිරසර සංවර්ධන අරමුණු

  1. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මගින් නිරෝගී දිවි පෙවතක් ස්ථාපිත කිරිම.  
  2. 2030 වන විට ලෝකයේ මාතෘ මරණ අනුපාතිකය සජීවී උපත් 100,000ට 70 දක්වා අඩු කිරීම.   
  3. 2030 වන විට ඒඩ්ස්, ක්ෂය රෝගය, මැලේරියා ඇතුළු නොතකා හැර ඇති ඝර්ම කලාපීය වසංගත, හෙපටයිටිස්, ජලය මගින් ඇතිවන රෝග සහ අනෙකුත් බෝවන රෝග තුරන් කිරීම.  
  4. 2030 වන විට බෝ නොවන රෝග නිසා සිදුවන අකල් මරණ, ප්‍රතිකාර මගින් හා වළක්වා ගැනීමේ ක්‍රම මගින් තුනෙන් එකකින් අඩු කර ගැනීම සහ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම.  
  5. හානිකර ආකාරයට මද්‍යසාර භාවිතය සහ අන්තරායකාරී ඖෂධ භාවිතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ ප්‍රතිකාර ශක්තිමත් කිරීම.   
  6. මූල්‍යමය අවදානයට පත්වීම සඳහා ආරක්ෂණය ද ඇතුළත්ව ආරක්ෂාකාරී, ඵලදායී, ගුණාත්මක වශයෙන් ඉහළ සහ අඩු වියදමකින් ලබා ගත හැකි ඖෂධ, එන්නත් හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සියලු දෙනාටම ලබා ගත හැකි වීම ඇතුළුව විශ්වීය මට්ටමින් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වීම.   
  7. විශේෂයෙන්ම අවම වශයෙන් දියුණු වූ රටවල සහ කුඩා දිවයින් රාජ්‍යයන්හි සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් වෙන් කරන මුදල් සහ සෞඛ්‍ය කාර්‍යමණ්ඩල බඳවා ගැනීම සංවර්ධනය කිරීම, පුහුණු කිරීම සහ පවත්වාගෙන යාම සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීම

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආයතන.

ආයතන 

අනුරාධපුර 

 Anuradhapura

පොළොන්නරුව

 Polonnaruwa

එකතුව

Total

පළාත්  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ කාර්යාලය   Provincial Director of Health Services                         

01

01

ප්‍රාදේශීය  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ කාර්යාල   Regional Director of Health Services                               

01

01

02

සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාල    MOH Office

22

08

30

මූලික රෝහල්  Base Hospital                                                  

06

03

09

ප්‍රාදේශීය රෝහල් (ඒ ශ්‍රේණිය) Divisional Hospital (Type A)

01

00

01

ප්‍රාදේශීය රෝහල් (බී  ශ්‍රේණිය )  Divisional Hospital (Type B)

10

05

15

ප්‍රාදේශීය  රෝහල් (සී ශ්‍රේණිය )Divisional Hospital (Type C)

22

03

25

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක  Primary Medical Care Unit

21

16

37

ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන Sexual Health service  Center

01

01

02

ක්ෂය රෝග හා ස්වසන රෝග මර්ධන                                            මධ්‍යස්ථාන  Tuberculosis & Respiratory Control Center

01

01

02

වාහන සේවා  මධ්‍යස්ථානය    Vehicle Service Station

01

01

පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය   Provincial Health Training center

01

01

එකතුව   Total

87

38

125