Uncategorized – Ministry of Health – NCP https://healthmin.nc.gov.lk/ta Mon, 24 Aug 2026 05:52:24 +0000 ta-IN hourly 1 https://wordpress.org/?v=6.8.2 https://healthmin.nc.gov.lk/wp-content/uploads/2023/12/favicon.png Uncategorized – Ministry of Health – NCP https://healthmin.nc.gov.lk/ta 32 32 ==ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියට සමගාමීව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල පරීක්ෂාව== https://healthmin.nc.gov.lk/ta/2026/08/24/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b5%e0%b6%bd%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%93%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb/ https://healthmin.nc.gov.lk/ta/2026/08/24/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b5%e0%b6%bd%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%93%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb/#respond Mon, 24 Aug 2026 05:52:23 +0000 https://healthmin.nc.gov.lk/?p=7435 Read More]]>

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියට සමගාමීව උතුරු මැද පළාත් රාජ්‍ය අංශයේ කාර්යාල පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල පරීක්ෂාවක් 2026 අගෝස්තු මස 18 වන දින සිදු කෙරිණි.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව, ඵලදායීතාව, සේවා ගුණාත්මකභාවය සහ සම්පත් කළමනාකරණය ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියට අදාළව මෙම කාර්යාල පරීක්ෂාව සංවිධානය කර තිබිණි.

එහිදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික රාජකාරි කටයුතු පවත්වාගෙන යාම, කාර්යාල පරිපාලනය, ලේඛන හා තොරතුරු කළමනාකරණය, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, කාර්යාල සම්පත් භාවිතය සහ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කෙරිණි.

කාර්යාල පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ, ආයතනික කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව සහ රාජ්‍ය සේවය වඩාත් ගුණාත්මක හා ජනතා හිතකාමී සේවාවක් බවට පත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙහිදී උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මිය විසින් අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඉදිරි දැක්ම පිළිබඳව කාර්යාල පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරීන් දැනුවත් කළාය.

රාජ්‍ය ආයතන තුළ ඵලදායීතා සංකල්පය තවදුරටත් ශක්තිමත් කරමින් සීමිත සම්පත් උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිත කර ජනතාවට කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉදිරියේදී ද නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද එහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ, ප්‍රධාන ගණකාධිකාරි ඩී.එම්.ඒ.එස්.දහම්පත්,අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)කේ.පි.එස්. පතිරණ,පරිපාලන නිලධාරි එල්.කේ.ඩී.සමරවික්‍රම,ප්‍රධාන කළමනාකරණ.සේවා නිලධාරිකේ.ජී.ආර්.මල්කාන්ති යන මහත්ම මහත්මයෙන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය‍ අමාත්‍යාංශය

-උතුරු මැද පළාත-

Ministry of Health-

North Central Province

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/24/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%b5%e0%b6%bd%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%93%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb/feed/ 0
====රාජ්‍ය නිලධාරීන් හා දීප ව්‍යාප්ත හෙද නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්=== https://healthmin.nc.gov.lk/ta/2026/08/21/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%af%e0%b7%93%e0%b6%b4-%e0%b7%80/ https://healthmin.nc.gov.lk/ta/2026/08/21/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%af%e0%b7%93%e0%b6%b4-%e0%b7%80/#respond Fri, 21 Aug 2026 11:31:01 +0000 https://healthmin.nc.gov.lk/?p=7424 Read More]]>

උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හා දීප ව්‍යාප්ත හෙද නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (21) උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර ලේකම් නන්දන ගලබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මිය, ආණ්ඩුකාරවර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක මහතා, වෛද්‍යවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

පළාත් සෞඛ්‍ය‍ අමාත්‍යාංශය

-උතුරු මැද පළාත-

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/21/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%af%e0%b7%93%e0%b6%b4-%e0%b7%80/feed/ 0
අව්වේ රැඳී සිටීමෙන් වළකින්න https://healthmin.nc.gov.lk/ta/2026/08/19/%e0%b6%85%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%93-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%85%e0%b6%9a%e0%b7%92/ https://healthmin.nc.gov.lk/ta/2026/08/19/%e0%b6%85%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%93-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%85%e0%b6%9a%e0%b7%92/#respond Wed, 19 Aug 2026 11:22:15 +0000 https://healthmin.nc.gov.lk/?p=7420 Read More]]> මේ දිනවල රජරටට බලපෑ ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් හැකිතාක් දුරට අව්වේ රැඳී සිටීමෙන් වළකින ලෙසටත් සෞඛ්‍ය අංශ නිකුත්කර ඇති වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් උතුරුමද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් මේ දිනවල උතුරු මැද පළාතේ පවතින තද අව්ව හේතුවෙන් ඉහළ උෂ්ණත්වයක් පවතින බැවින් හැකි සෑම අවස්ථාවකදීම හැකිතාක් දුරට නිරන්තරයෙන් ජලය පානය කරන ලෙසද පෙරවරු දහයේ සිට පස්වරු තුන හතරවැනි කාලසීමා තුළදී දරුවන් ක්‍රීඩා කටයුතු හෝ වෙනත් කටයුතු වලට අව්වට යොමු කිරීමෙන් වලකින ලෙස ලබා දී ඇති වෛද්‍ය උපදෙස් පිළිපදින ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කර සිටින්නීය.

ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අව්වේ කටයුතු කරන වැඩිහිටියන්ද හිස් වැසුම් සහ ශරීර ආවරණය කර ගැනීම සෞඛ්‍ය අංශවල උපදෙස් බැවින් එයද පිළිපදින ලෙස ඇය ඉල්ලා සිටියාය.

විශේෂයෙන් දැඩි අව්රශ්මියේ සිට පැමිණ ඒ මොහොතේම අධික ලෙස සීතකළ බීම හෝ ජලය පානය කිරීමද යෝග්‍ය නොවන බව සෞඛ්‍ය අංශවල මතය බවද පුෂ්ප කුමාරී මහත්මිය පැහැදිලි කළාය.

තවද අව් රශ්මියට නිරාවරණය හේතුවෙන් විවිධ චර්ම රෝග දහට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බව උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ආර් එම් ඩී පී පුෂ්පකුමාරි මහත්මිය සඳහන් කරයි.

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/19/%e0%b6%85%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%93-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%93%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%85%e0%b6%9a%e0%b7%92/feed/ 0
උතුරු මැද ආයුර්වේද රෝහල් සඳහා වියළි ඖෂධ මිලදී ගැනීමේදී ප්‍රමිතියට ප්‍රමුඛත්වය https://healthmin.nc.gov.lk/ta/2026/08/14/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%86%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%af-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%8a/ https://healthmin.nc.gov.lk/ta/2026/08/14/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%86%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%af-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%8a/#respond Fri, 14 Aug 2026 04:41:33 +0000 https://healthmin.nc.gov.lk/?p=7237 Read More]]> උතුරු මැද ආයුර්වේද රෝහල් සඳහා වියළි ඖෂධ මිලදී ගැනීමේදී ප්‍රමිතියට ප්‍රමුඛත්වය

ආයුර්වේද රෝහල් සඳහා වියළි ඖෂධ මිලදී ගැනීමේදී අදාළ ඖෂධ වර්ග නිසි ප්‍රමිතියෙන් යුක්ත දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව, රෝහල් වියළි ඖෂධ පරීක්ෂක කමිටුවේ අනුමැතිය මත ඒවා ලබාගැනීම සිදු කෙරේ. ඒ අනුව, වියළි ඖෂධ මිලදී ගැනීමට අදාළ ලංසු ඇගයීම් කමිටුව, සැපයුම්කරුවන් සහ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඖෂධ පරීක්ෂා කිරීම සිදු විය.

මෙහිදී අවස්ථා කිහිපයකදී ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප වී තිබූ නෙල්ලි, ටුවරලා සහ ටර්පන්ටයින් ඇතුළු වියළි ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කෙරිණි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරී මහත්මිය සහ උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ඊ. අයි. එන්. බී. ඕලුකරද මහතා ඉදිරියේ මෙම ඖෂධ පරීක්ෂාව සිදු විය.

මෙම අවස්ථාව සඳහා වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය, අදාළ නිලධාරීන්, ලංසු ඇගයීම් කමිටු සාමාජිකයන් සහ සැපයුම්කරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රෝගීන් සඳහා ලබාදෙන ආයුර්වේද ඖෂධවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඖෂධ මිලදී ගැනීමේදී නිසි ප්‍රමිතියක් පවත්වාගෙන යාම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/14/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%86%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%af-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%8a/feed/ 0
“දිනකට පැය 8ක නින්දක් – නිරෝගී මනසකට මගයි” https://healthmin.nc.gov.lk/ta/2026/08/12/%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ba-8%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c/ https://healthmin.nc.gov.lk/ta/2026/08/12/%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ba-8%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c/#respond Wed, 12 Aug 2026 05:52:00 +0000 https://healthmin.nc.gov.lk/?p=7212 Read More]]> “දිනකට පැය 8ක නින්දක් – නිරෝගී මනසකට මගයි”

Ministry of Health-

North Central Province

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/12/%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ba-8%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c/feed/ 0
දෛනික තැපෑල ඩිජිටල්කරණය කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන https://healthmin.nc.gov.lk/ta/2026/08/11/%e0%b6%af%e0%b7%9b%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%91%e0%b6%bd-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/ https://healthmin.nc.gov.lk/ta/2026/08/11/%e0%b6%af%e0%b7%9b%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%91%e0%b6%bd-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/#respond Tue, 11 Aug 2026 07:40:34 +0000 https://healthmin.nc.gov.lk/?p=7169 Read More]]> දෛනික තැපෑල ඩිජිටල්කරණය කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එම් ඩී.පී පුෂ්පකුමාරී මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා උතුරු මැද පළාත් සභාවේ තොරතුරු තාක්ෂණ නිලධාරී ජනක වළාකුළුආරච්චි මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර,

රාජ්‍ය ආයතනවල දෛනික කාර්යයන් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් තැපැල් කටයුතු ඩිජිටල්කරණය කිරීම පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ලිපි ලේඛන හුවමාරුව සහ තැපැල් කළමනාකරණය වේගවත් කිරීම, තොරතුරු සුරක්ෂිතව පවත්වාගෙන යාම සහ කාර්යාලීය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ, ප්‍රධාන ගණකාධිකාරි ඩී.එම්.ඒ.එස්.දහම්පත්,අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)කේ.පි.එස්. පතිරණ,පරිපාලන නිලධාරි එල්.කේ.ඩී.සමරවික්‍රම,ප්‍රධාන කළමනාකරණ.සේවා නිලධාරිකේ.ජී.ආර්.මල්කාන්ති යන මහත්ම මහත්මයෙන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/08/11/%e0%b6%af%e0%b7%9b%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%ad%e0%b7%90%e0%b6%b4%e0%b7%91%e0%b6%bd-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba/feed/ 0
ඇසළ පෝය මංගල්‍යයක් වේවා https://healthmin.nc.gov.lk/ta/2026/07/29/%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%9d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%8f/ https://healthmin.nc.gov.lk/ta/2026/07/29/%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%9d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%8f/#respond Wed, 29 Jul 2026 05:04:00 +0000 https://healthmin.nc.gov.lk/?p=6364 Read More]]> ඇසළ පෝය මංගල්‍යයක් වේවා

-සෞඛ්‍ය අමාත්‍යාංශය උතුරු මැද පළාත-

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/07/29/%e0%b6%87%e0%b7%83%e0%b7%85-%e0%b6%b4%e0%b7%9d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%8f/feed/ 0
==උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ආර් එම් ඩී.පී පුෂ්පකුමාරී මහත්මියගේ මග පෙන්වීමෙන්== https://healthmin.nc.gov.lk/ta/2026/07/28/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/ https://healthmin.nc.gov.lk/ta/2026/07/28/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/#respond Tue, 28 Jul 2026 11:20:00 +0000 https://healthmin.nc.gov.lk/?p=6361 Read More]]>

සුපිළිපන්න රාජ්‍ය සේවයක් බිහිකිරීමේ වැඩසටහන සඳහා අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය සේවකයන්ගේ- පාගමට -උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ගේ දායකත්වය අද දින ලබා දුනි.

සුපිළිපන් සංස්කෘතියක් ගොඩනැඟීමට අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරීන්ගේ පා ගමනක්

අනුරාධපුරය, ජුලි 28 – “සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් – සුපිළිපන් සංස්කෘතියක්, ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ පා ගමනක් අද (28) පැවැත්විණි.

මෙම වැඩසටහන උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන නගර මධ්‍යය ඔස්සේ ගමන් කර යළි සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිණි. මෙම පා ගමනේ අරමුණ වූයේ පිරිසිදු, විනයගරුක හා ජනතා හිතකාමී රාජ්‍ය සේවයක් ගොඩනැඟීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීමයි.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා ඇතුළු නිලධාරීන්, අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාව ඇතුළු මධ්‍යම රජයේ ආයතන සහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ ආයතන රැසක නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.

ජාතික මෙහෙයුම් සතිය පුරා දිවයින පුරා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සුපිළිපන් රාජ්‍ය සේවා සංස්කෘතියක් සහ පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය සේවයේ දායකත්වය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/07/28/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8/feed/ 0
සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක් https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-2/ https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-2/#respond Mon, 27 Jul 2026 08:50:05 +0000 https://healthmin.nc.gov.lk/?p=5990 Read More]]> ආයතනික සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය

“සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්”

2026 ஜூலை 27 (திங்கட்கிழமை)

நிறுவன ரீதியான நேர்மையை மேம்படுத்தும் நாள்
“சட்டத்தை மதிக்கும் நேர்மைமிக்க அரச சேவை”

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a-2/feed/ 0
සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක් https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/ https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/#respond Mon, 27 Jul 2026 08:48:45 +0000 https://healthmin.nc.gov.lk/?p=5987 Read More]]> ආයතනික සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ දිනය

“සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්”

2026 ஜூலை 27 (திங்கட்கிழமை)

நிறுவன ரீதியான நேர்மையை மேம்படுத்தும் நாள்
“சட்டத்தை மதிக்கும் நேர்மைமிக்க அரச சேவை”

]]>
https://healthmin.nc.gov.lk/ta/2026/07/27/%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b6%bb%e0%b7%94%e0%b6%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/feed/ 0