පරිසර කටයුතු සංවර්ධනය
- අමාත්‍යාංශය වෙත සෘජුවම පැවරී ඇති පරිසර කටයුතු සංවර්ධනයේදී අරමුණු වන්නේ වර්තමාන හා අනාගත පරම්පරාවන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් පලාත තුළ සුවදායී තිරසර පරිසරයක හිමිකම තහවුරු කිරීම සඳහා ජාතික සහ අන්තර්ජාතික සම්මූතීන් හා එක්ව ගැලපෙමින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය,සහයෝගය,දායකත්වය සහ මැදිහත්වීම නිසි කළමනාකාරීත්වයකින් යුක්තව ලබාදීමයි.
පරිසර කටයුතු සංවර්ධනයට අදාල කාර්යය භාරය
- තිරසාර සංවර්ධනය දායකවීම අරමුණු කොට ගෙන මානව පැවැත්මට හිතකර පද්ධතියක් ඇතිකිරීම උදෙසා දිනෙන් දින විනාශ වී යන වන ගහනය ඉහල නැන්වීමට ඇවැසි කාර්යයන් ඒකරාශී කරමින් ව්‍යාපෘති සැළසුම් කර ක්‍රියාත්මක කිරීම.
- තිරසාර සංවර්ධන අරමුණු වන “භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසාර භාවිතය,තිරසාර වනාන්තර කළමනාකරණය, කාන්තාරීකරණය, කාන්තාරීකරණයට එරෙහිව ක්‍රියාකිරීම ප්‍රතිස්ථාපනය කර ප්‍රවර්ධනය කිරීම,ඉඩම් හායනය නැවැත්වීම,ප්‍රවර්ධනය කිරීම,ඉඩම් හායනය නැවැත්වීම” යන්න සාක්ෂාත් කරගැනීම සඳහා ඇවැසි පළාත් මට්ටමින් හඳුනා ගත් තිරසර සංවර්ධන දර්ශක වලට අනුව ඉලක්ක වෙත ලඟා වීමට අවශ්‍ය ලෙස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- පරිසරයට අදාල ක්‍රියාකාරකම් වලදී පළාත් මධ්‍යම රජයේ පාර්ශව ආයතන සම්බන්ධීකරනය කර කටයුතු කිරීම.
- පරිසර විෂයට අදාලව වරින් වර නිකුත් කරනු ලබන චක්‍රෙල්ඛ වලට අනුකූලව කටයුතු කිරීම.
- ජගත් පරිසර දිනයන්ට සමගාමීව වැඩසටහන් සැළසුම් කර ක්‍රියාත්මක කිරීම.
- පාරිසරික දැනුම,අවබෝධය වර්ධනය කරලීමේ ක්රමෝපායන් ක්‍රියාවට නැංවීම.
ලෝක පරිසර දිනයන්
01 | මාර්තු 3 | ලෝක වනජීවී දිනය |
02 | මාර්තු 15 | කඩොලාන දිනය |
03 | මාර්තු 21 | අන්තර්ජාතික වනාන්තර දිනය |
04 | මාර්තු 22 | ලෝක ජල දිනය |
05 | මාර්තු 23 | ලෝක කාලගුණ දිනය |
06 | අප්‍රේල් 07 | ලෝක සෞඛ්‍ය දිනය |
07 | ආප්‍රේල් 22 | ලෝක මිහිතල දිනය |
08 | මැයි 22 | ලෝක ජෛව විවිධත්ව දිනය |
09 | ජුනි 05 | ලෝක පරිසර දිනය |
10 | ජුනි 08 | ජගත් සාගර දිනය |
11 | ජුනි 17 | ලෝක කාන්තාරකරණය පිටු දැකීම |
12 | ජුලි 11 | ලෝක ජනගහණ දිනය |
13 | අගෝ 09 | ලෝක ආදිවාසී දිනය |
14 | සැප්තැම්බර් 16 | ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරකීමේ දිනය |
15 | සැප්තැම්බර් 27 | ලෝක සංචාරක දිනය |
16 | ඔක්තෝබර් 02 | ලෝක ජනාවාස දිනය |
17 | ඔක්තෝබර් 04 | ලෝක සත්ව දිනය |
18 | ඔක්තෝබර් 16 | අහාර දිනය |
19 | ඔක්තෝබර් 20 | ගොවි දිනය |
20 | නොවැම්බර් 15 | ජාත්‍යන්තර රුක්රෝපණ දිනය |
21 | දෙසැම්බර් 11 | ජාත්‍යන්තර කදුවැටි දිනය |