අභ්‍යන්තර කටයුතු ඒකකය රාජ්‍ය අංශය තුළ විනිවිද භාවය, වගවීම සහ සුපිළිපන්න භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා පහත ප්‍රධාන අරමුණු සකස් කර ගෙන ඇත.

දූෂණය වැළැක්වීම

ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.

විනිවිද භාවය සහ වගවීම

ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධ භාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.

සදාචාරාත්මක පාලනය

ආයතනය තුළ සදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම.

ආරක්ෂිත වාර්තා කිරීම

විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රම වේදයක් සකස් කිරීම.

නීති ක්‍රියාත්මක කිරීම

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම.

en_USEnglish