වැඩිහිටි දිනයට සමගාමීව වැඩිහිටියන්ගේ සෞඛ්‍ය, මානසික සුවතාව, ගෞරවය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ‘ආයු වැඩිහිටි සත්කාර්’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පසුගියදා සාලිපුර වැඩිහිටි නිවාසයේදී සාර්ථකව පැවැත්විණි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එම්. ඩී. පී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන මගින් වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සත්කාර සහ සහයෝගය ලබාදීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

වයෝවෘද්ධ අවධිය යනු සෑම පුද්ගලයෙකුම ජීවිතයේදී අත්විඳින ස්වභාවික අවධියක් වන අතර, එම අවධියේදී වැඩිහිටියන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ආදරය, සෙනෙහස, ආරක්ෂාව සහ සමාජීය සහයෝගය ලබාදීම සමාජයේ වගකීමකි. එම වගකීම ඉටු කිරීමේදී රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී. වැඩිහිටියන් සමාජයට බරක් ලෙස නොව, දිගුකාලීන අත්දැකීම් සහ දැනුමෙන් පිරිපුන් සමාජ සම්පතක් ලෙස සැලකිය යුතු බවද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා පළාත් ආයුර්වේද කොමසාරිස් ඊ.අයි.එන්. ඒ. ඕලුකරද මහතා, පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රසාදි විජේසිංහ මහත්මිය, පළාත් ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ඒ.එස්.එච්. එස් ගුණවර්ධන මහත්මිය ඇතුළු නිලධාරීන්, වෛද්‍යවරුන්, අධ්‍යක්ෂවරුන්, වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලය, හෙද නිලධාරීන් සහ සාලිපුර වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

උතුරු මැද පළාත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish