දෛනික තැපෑල ඩිජිටල්කරණය කිරීම පිළිබඳව පුහුණු වැඩසටහන උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර් එම් ඩී.පී පුෂ්පකුමාරී මහත්මියගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා උතුරු මැද පළාත් සභාවේ තොරතුරු තාක්ෂණ නිලධාරී ජනක වළාකුළුආරච්චි මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර,

රාජ්‍ය ආයතනවල දෛනික කාර්යයන් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් තැපැල් කටයුතු ඩිජිටල්කරණය කිරීම පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ලිපි ලේඛන හුවමාරුව සහ තැපැල් කළමනාකරණය වේගවත් කිරීම, තොරතුරු සුරක්ෂිතව පවත්වාගෙන යාම සහ කාර්යාලීය කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ, ප්‍රධාන ගණකාධිකාරි ඩී.එම්.ඒ.එස්.දහම්පත්,අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන)කේ.පි.එස්. පතිරණ,පරිපාලන නිලධාරි එල්.කේ.ඩී.සමරවික්‍රම,ප්‍රධාන කළමනාකරණ.සේවා නිලධාරිකේ.ජී.ආර්.මල්කාන්ති යන මහත්ම මහත්මයෙන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

en_USEnglish